(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු. හියුබට් ප්‍රනාන්දු)
ඇදිරි නීතිය මැද පොලිසියේ හා හමුදාවේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් සත්ත්ව ආහාර අලෙවි ඒජන්තවරියකගේ නිවසට කඩා වැදී අනවසර ගිනි අවි පරීක්ෂා කරන මුවාවෙන් රුපියල් ලක්ෂ 8 ක මුදලක් පැහැරගැනීම ඇතුලු මුදල් හා දේපල කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් හමුදා නිල ඇදුම් හා එසේ පැහැරගත් මුදල් හා දේපල කොටසක් සමග අත්අඩංගුවට ගත් බව කොච්චිකඬේ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන,කොන්ගොඩමුල්ල, කදාන බටගම හා පන්නල පෙදෙස්වල පදිංචිකරුවන් පිරිසකි.
සිංහල අවුරුදු සමයේ 12 වැනිදා රාත්‍රියේ කටාන කෝනගොඩමුල්ලේ සත්ත්ව ආහාර ඒජන්නවරියකගේ නිවසට කඩා වැදුනු පොලිස් හා හමුදා පිරිසක් ලෙස හැසුරුණු කණ්ඩායමක් එම නිවසේ ගිනි අවි ඇති බව කියා පරීක්ෂා කරන මුවාවෙන් කල්ගත කර මුදල් හා රන්භාණ්ඩ එක් ස්ථානයක තබන ලෙස දන්වා අනතු්රුව මුදල් රුපියල් ලක්ෂ අටක් පමණ හා දුරතකන දෙකක්ද පැහැරගෙන ගිය බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.
ඔවුන් මුදල් ගෙන ගොස් තිබුනේ නිවැසියන් කිමරයකට දමා කොටු කිරීමෙන් පසුවය.
මෙම සැකකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සැරසුනු අයෙක්ද සිටි බවට පැමිණිල්ලේ සදහන්විය. මෙම පැමිණිල්ල අනුව ක්‍රියාත්මකවූ කොච්චිකඬේ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ පොලිස් පරීක්ෂක පෙරේරා මහතා ආවේක්ෂක කැමරා දත්ත හා දුරකතන වාර්තා ලබා ගැනීමෙන් පසු මෙම කොල්ලයට යොදාගත් වාහනය අදුනා ගැනීමෙන් පසු මෙම සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් වයස අවුරුදු 29 හා 35 අතරවන බවත් ඔවුන් මත් ද්‍රව්‍ය සදහා ඇ්බ්බැහිවූවන් වන බවද පොලිසිය සදහන් කරයි.
සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීීම්වලදී අප්‍රේල් මස 18 වැනිදා කෝන්ගස් හන්දියේදී ගිනි අවියක් පෙන්වා කාන්තාවක රුපියල් ලක්ෂ තුනක් හා රන් ආභරණ පැහැර ගැනීම හා පන්නල ප්‍රදේශයේ සිදු කළ කොල්ලයක තොරතුරුද අනාවරණය කර ගැනීමට හැකිවී යැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස් සෙල්ලම ලෙල්ලමක් බවට පත්වූ වගයි...!!! තව කව්රුහරි මෙහෙම දේවල් කරන්නට සිතන් ඉන්නවා නම්.., ඒ අය හොරා පොලිස් සෙල්ලම නම්, කරන්නට සිතන එකක් නැහැ.