(උපුල් තම්මිට)
මිළකල නොහැකි වටිනා ගජමුතු හයක් රැගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගහවැව පොළිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පරසන්ගහවැව පොළිසියේ දූෂන මර්දන ඒකකයේ නිළධාරීන් හට මීට දින කිහිපයකට පෙර ලැබුණු තොරතුරක් මත බුද්ධි නිළධාරීන් යොදවා සිදුකල විමර්ශනයකදී සැකකරු මෙම වටිනා ගජමුතු අලෙවි කිරීම සදහා රැගෙන යාමට නියමිත බවට ලැබී තිබුනු තොරතුරු මත පරසන්ගහවැව අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී ඊයේ සවස සැකකරු අත් අඩංගුවට ගෙන සිදුකල ශරීර පරීක්ෂාවේදී සැකකරුගේ ඉනවටා ලේන්සුවක ඔතා රහසිගතව සගවාගෙන සිටි ගජමුතු සොයා ගැනීමට හැකිවී තිබේ.
එක සමාන ප්‍රමානයන්ගෙන් යුත් ගජමුතු ජෝඩු තුනක් මෙහිදී දක්නට ලැබෙන අතර එම ගජමුතු හස්තීන් තිදෙනෙකු ඝාතනය කර ලබාගත් ඒවාට බව සැක පළකරති.
අත්අඩංගුවට පත් සැකකරු පරසන්ගහවැව ගම්මානයට නුදුරු අලුත්ගම ගම්මානයේ පදිංචිකරුවකු වන අතර සැකකරුට මෙම වටිනා ගජමුතු ලැබුනු ආකාරය පිළිබදව සිදුකල විමර්ශනවලදී හෙළිවී ඇත්තේ දුරකථනයෙන් හදුනා ගත් ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් මෙම ගජමුතු සැකකරුට ලබා දී ඇති බවය.සැකකරු සිදුකල ප්‍රකාශ අනුව විශේෂ පොළිස් කණ්ඩායමක් මේවනවිට ගල්ගමුව ප්‍රෙද්ශයට ගොස් ඇති අතර සැකකරු අද (16) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පරසන්ගහවැව පොළිස්ස්ථානාධිපති ප්‍රධාන පොළිස් පරීක්ෂක චන්දික සිරිකාන්ත මහතාගේ මෙහෙයවීම මත මේ පිළිබදව පුලුල් පරීක්ෂනයක් ආරම්භ කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ටික කාලෙකට කලින් පොලිසිය සහ අදාල අංශම කියා සිටියා ගජමුතු කියා දෙයක් නොමැති බවත් එහි වටිනාකමක් නැති බවත්.දැන් ඒ අයම අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. මේ තත්වය හරිම අපැහැදිලියි.
බොහෝවිට .. ඇතෙකුට ගජමුතු එන්නේ ඒ සතාගේ අවාසනාවට... පව් ... අහිංසක සත්තු මේ හිත්පිත් නැති මිනිසුන් අතින් ඝාතනය වෙන හැටි. මේවා අහස, පොළොව නුහුළන අපරාධ... කෙසේ හෝ මේවා පසුපස සිටින්නේ මහා බලවතුන්. ඇතුන්ගේ දළ තුළ හටගන්නා කිසියම් ජල්ලි වැනි ද්‍රව්‍යයක් ඝනවී මේ ගජමුතු සෑදේ. කල්යත්ම ඒවා විශාල වේ. ඇතාගේ දුවපැන දඟලීම් ආදිය නිසා මේවා ඉතා සුමට ස්වභාවයක් ගන්නවා. ගජමුතු ඇති ඇතා නැමෙන විටදී ඒවා සෙලවෙන නාදය පිටතට ඇසෙනවා. එම නාදයට ඇතා ආඩම්බර වෙන බවට ජනමතයක් තිබෙනවා. සැබෑ ගජමුතු වතුර වීදුරුවකට දැම්මාම ටිකවෙලාවක් ගොස් ඉතා ස්වල්ප වශයෙන් ඉපිලෙනවා. ඇත්දළ වලින් සෑදු ව්‍යාජ ඒවා එසේ ඉල්ලන්නේ නැහැ. මොනවා වුණත්, මේ අසරණ සතුන් මරා මේවා ගන්න අපරාධ කාරයන් මේ මිහිතලයට මහා ශාපයක්.. අනේ.. මරා දළ කපනාවිට මේ සතුන්ට මොනතරම් වේදනා දැනෙනවා ඇද්ද? ඉමහත් වේදනාවෙන් මේ කුරිරු ලොවින් ඔවුන් සමුගන්නවා ඇති.. අනේ පව්..!!!
දැන් පොලිසිය මේවා ගජමුතු කියලා හඳුනාගත්තේ කොහොමද?