බදුල්ල මහ රෝහලේ වකුගඩු රෝගීන්ට පරිතාන කාන්දුපෙරණ ඒකකයක් වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට රුධිර කාන්දුපෙරණයක් වෙනුවට පරිතාන කාන්දුපෙරණ (Continuous Ambulatory Peritoneal dialysis) ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර තිබේ. 26 September 2019
දුම්රිය සේවක වැටුප් ඉහළ නැංවීමට පියවර දුම්රිය සේවයේ පැවැති වැටුප් විෂමතා ඉවත්කර දුම්රිය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. 26 September 2019
‘අපි ලස්සනට පොහොට්ටුවට එකතුවෙනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකගනිමින් පොහොට්ටුව සමඟ එකතු වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (26) පැවසීය. 26 September 2019
කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඇරැඹෙයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි. 26 September 2019
මාරාන්තික උපවාසයේ යෙදී සිටි රණවිරුවෙක් ජාතික රෝහලට කොළඹ කොටුවේ උපවාසයේ යෙදී සිටින රණවිරුවන්ගෙන් මාරන්තික උපවාසයේ යෙදී සිට එක් රණවිරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 26 September 2019
කෂෝක්ජි ඝාතනයේ වගකීම සෞදි ඔටුන්න හිමි කුමරු බාරගනී සවුදි මාධ්‍යවේදී ජමාල් කෂෝක්ජි ඝාතනය කිරීමේ වගකීම තමා බාර ගන්නා බව සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි. 26 September 2019
ගුරුකන්ද නාහිමිගේ ආදාහනයේදී මහේස්ත්‍රාත් නියෝගය කඩ කළැයි විරෝධතා මුලතිව් ගුරුකන්ද විහාරාධිපතිගේ ආදාහනය වෙනුවෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය කඩකළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් අද (26) වවුනියාවේ ස්ථාන දෙකකදී විරෝධතා සංවිධානය කර තිබුණි. 26 September 2019
එ.ජා.පෙ.ජනපති අපේක්ෂක සජිත් බව ස්ථිරයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය 26 September 2019
එක්සත් ජාතීන්ගේ සංවිධානය-විදෙස් කටයුතු අමාත්‍යංශය සාකච්ඡාවක දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 26 September 2019
සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ. 26 September 2019
ලෝටස් පාර වහයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි. 26 September 2019
දුම්රිය 6ක් අද කොළඹට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල දුම්රිය 6ක් අද(26) පෙරවරුවේ කොළඹට ධාවනය වූ බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය. 26 September 2019
අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී ජීප් රථයක් සහ ආපදා රථයක් එකිනෙක ගැටීමෙන් ජීප් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයිද, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයිද දක්ෂණ අධියේගී මාර්ග රථවාහන පොලිසිය කියයි. 26 September 2019
වර්ජනය නොතකා ගාල්ලෙන් දුම්රිය දෙකක් කොළඹ එයි දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළද ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් කොළඹ බලා ගමන්ගත් බව ගාල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක නිලධාරීහු පැවසූහ. 26 September 2019
දේවාලයෙන් රත්රන් පැහැරගත් දෙදෙනෙක් අත්අඩංගුවට තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයෙන් පැහැරගත් රත්රන්වලින් කොටසක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය අද(26) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 26 September 2019
ශ්‍රී ලංකා යුද හමුදාව සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 25 September 2019
ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (26) සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. 25 September 2019
පත්වීම් ලබාදීම වළක්වන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලයි රාජ්‍ය ආයතනවල දිගින් දිගටම සිදුවන නිලධාරීන් බඳවා ගැනීම් සහ පත්වීම් ලබාදීම් වළක්වාලීම සඳහා සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි පැෆරල් සංවිධානය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් අද (25) ඉල්ලීමක් කර ඇත. 25 September 2019
ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාලයේ වහලයේ කොටසක් කඩා වැටේ ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් අද (25) සවස කඩා වැටිණ. 25 September 2019
කිලිනොච්චියෙන් අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරන්න’යි රස පරීක්ෂකට නියෝග ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් කිළිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම් මත අත්අඩංගුවට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සහ අවි ආයුධ තොගය පරීක්ෂා කර වාර්තාවක් අධිකරණය වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළේය. 25 September 2019
ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගුරු අත්පොත සිංහලෙන් නැහැ උසස් පෙළ ජීව විද්‍යාව අලූත් විෂය නිර්දේශය සදහා සිංහල භාෂාවෙන් ගුරු මාර්ගෝපදේශ සහිත පොතක් මුද්‍රණය කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) ප්‍රකාශ කළේය. 25 September 2019
‘‘ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නෑ‘‘ ජනාධිපතිධූරයට නොව සක්විත රජකමටත් තම ආත්ම ගරුත්වය මෙන්ම මාතෘ භූමිය පාවා දෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මතුගමදී අද (25) පැවැසීය. 25 September 2019
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටළු ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අනිද්දා 27 සාකච්ඡාවේදී නිසි විසඳුමක් නොලැබුණහොත් 30 වැනිදා සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සුසිත් අරුණසිරි මහතා ලංකාදීපයට අද (25) පැවසීය. 25 September 2019
ආරියවංශ දිසානායකත් ජනපතිවරණයට ඇප බඳී ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ආරියවංශ දිසානායක මහතා අද (25) මැතිවරණ කොමිසන් සභාවට ඇප මුදල් තැන්පත් කර තිබේ. 25 September 2019
සුරක්ෂා’ රක්ෂණයෙන් කෝටි 134ක ප්රතිලාභ ගෙවලා අධ්‍යාපන අමත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා’ රක්ෂණය මගින් මේ වනවිට රුපියල් කෝටි 134ක මුදලක් ප්රතිලාභ ලෙස ගෙවා ඇතැයි එම අමාත්‍යංශය කියයි. 25 September 2019
ගංවතුරට කොටුවී සිටිනවානම් ඒ බව දැනුම් දෙන්න ගංවතුර හේතුවෙන් හෝ වැසි ජලය බැස නොයාම හේතුවෙන් කොටුවී සිටින්නේ නම් ඒ බව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දෙන්නැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 25 September 2019
රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ දුම්රිය වර්ජනය හේතුවෙන් අද (25) රාත්‍රී ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කෙරෙන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 25 September 2019
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් හෙද පරිපුරක වෛද්‍ය අතුරු හා වෛද්‍ය සේවාවන් වල ගැටලූ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා එක`ග වු විසදුම් වාහාම කි‍්‍රයාත්මක කරන ලෙසට හා එසේ නොකළහොත් දැනට අත්හිටුවා ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය කි්රයාත්මත නිරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්පි්රය මහතා අද (25) පැවසීය. 25 September 2019
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 6 වැනි වාරිකයත් මුදාහරී ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ හයවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 25 September 2019
ලබන ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 2020 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. 25 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026