හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ මහතාට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයාගේ බිරිඳට සහ ඔහුගේ සහායකයන් දෙදෙනෙකුටද වයිරසයට අසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
පසුගිය සති අන්තයේ ජනාධිපත්වරයා රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර වෙරසය අසාදනය වී ඇති බව සනාථ වූ පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.
රටට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වය නිසා දෙවියන්, වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9000කට අධික වේ.
වයිරසය ආසාදනය වීමෙන් මරණ 330 වාර්තා වී ඇත.
මාස තුනකට ආසන්න කාලයක් එරට ක්‍රියාත්මක වූ අගුලු දැමීමේ සීමාවලින් අනතුරුව පසුගිය සතියේ හොන්ඩුරාස් රාජ්‍ය ආර්ථික කටයුතු සඳහා විවෘත කර තිබුණි.
බීබීසී ඇසුරෙනි
226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd