(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරේ නොගෙවා මහ භාණ්ඩාගාරයේ ගොඩගැසී තිබූ හිඟ බිල්පත්වලින් රුපියල් කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

ඉකුත් 2019 වසරට අදාළව රුපියල් කෝටි 15,590ක හිඟ බිල්පත් පසුගිය දෙසැම්බර් 31 වැනිදා වනවිට ලැබී තිබූ අතර ඉකුත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළව රුපියල් කෝටි 8,480ක හිඟ බිල්පත් මේ වසරේ මුල් මාස කිහිපයේදී මහා භාණ්ඩාගාරයට ලැබී තිබුණු බව ද එම වාර්තා පෙන්වාදෙයි.

ඒ අනුව ඉකුත් වසරට අදාළව ගෙවීමට තිබූ හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 24,070ක් වූ අතර ඉන් රුපියල් කෝටි 19,660ක හිඟ බිල්පත් නිරවුල් කර අවසන් බව එම වාර්තා පෙන්වාදෙයි.

ඉකුත් වසරේ සිදුකරන ලද ඉදිකිරීම් සේවා සැපයීම් පොහොර සහනාධාර ආදිය සඳහා මෙම මුදල් ගෙවීමට නියමිතව තිබිණි.