( එම් .සුසිල් ප්‍රියන්ත )
කෝවිඩ්-19 ආසාධිතයින් ධීවර යාත්‍රා ආධාරයෙන් ඉන්දියාව ඇතුලු අනෙක් රටවලින් අම්බලන්ගොඩට සංක්‍රමණයවීම වැලැක්වීමට ධීවරයින් දැනුම්වත් කිරීමේ රතු නිවේදන අම්බලන්ගොඩ පොලීසිය විසින් අම්බලන්ගොඩ ධීවර වරායේ ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමේ කටයුතු සිදු කලේය.
නීත්‍යනුකූලව පැමිණිමට නොහැකි ඉන්දියාව ඇතුලු රටවල් රැසකම කොවිඩ් -19 ආසාධිතයින් විවිධ උපක්‍රම භාවිතා කරමින් මුහුදු යන මෙරට ධීවරයින් රවටාගෙන ලංකාවට සංක්‍රමණයවීමට දරන උත්සාහයන් පිලිබදව ලැබී ඇති තොරතුරු අනුව මේ රතු නිවේදන ධීවරයින්ට නිකුත් කළ බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් කීවේය .
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ධීවර වරායේ රතු නිවේදන අලවන අයුරු ද දකින්නට ලැබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ පොලිසිය සිදුකළ මේ ක්‍රියාව ආදර්ශයට ගෙන රටේ බොහෝ පොලිසි කටයුතු කිරීම වැදගත්.. මේ සඳහා කැපවූ සියලු නිලධාරීන්ට අපගේ ස්තුතිය හිමිවේ..