( දිල්රුක්ෂි ග්‍රේරු)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් යැයි පවසා රුපියල් 10,00000 සහ සිගරට් කාටූන් 6 ක් චීන ජාතිකයෙකුගෙන් බලෙන් ලබා ගත් පුද්ලගයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම ,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටි චීන ජාතිකයකුගෙන් මෙම මුදල් සහ සිගරට් කාටූන් පැහැරගෙන ඇත. එම චින ජාතිකයා සමඟ තවත් චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනකු සහ චීන ජාතික කාන්තාවන් සිව් දෙනකු සිට තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් බව පවසමින් පැමිණි බාහිර පුද්ගලයින් සිව් දෙනකු ඔවුන් රැදී නිවස පරීක්ෂා කර සිගරට් කාටූන් නිවසින් සොයාගෙන එය ළඟ තබා ගැනීම නීතී විරෝධි බව පවසා , අනතුරුව එම පිරිසගේ විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂාවට ලක් කර වීසා බලපත් නැතිව රැදී සිටිමද වරදක් බව පවසා පොලීසියට රැගෙන නොයෑමට නම් මුදල් අවශ්‍ය බව පවසමින් රුපියල් 10,00000 මුදල ලබාගෙන ඇතැයි පොලිස් පැමිණිල්ලේ සඳහන්ය.
මෙම තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව මෙම චීන ජාතික පිරිසට භාෂා පරිවර්තක ලස කටයුතු කළ පුද්ගලයාගේ සබඳතාවක් ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.
අනතුරුව නොරොච්චෝල, කල්පිටියේ පදිංචි භාෂා පරිවර්තක සහ එම ලිපිනයේම පදිංචි තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය තලංගම පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය ඉතින් කරන්නෙම ඔහොම වැඩනේ..