(නිමල කොඩිතුවක්කු)
විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ.
කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද අමාත්‍යවරයා එම මණ්ඩලය එම මන්ඩලය වෙත උපදෙස් ලබාදි ඇත.
විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ මල්පාරේ ඛණිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටළුකාරි තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධව අද(17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් විමසූ බවත්, ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවත් අමරවීර මහතා එහිදී සඳහන් කළේය.
කොවිඞ් 19න් පසුව ඇති වු තත්ත්වය නිසා නිවැරදිවම බිල්පත වන්නේ අවසානයට නිකුත් කරන ලද බිල්පත බව මේ පිළිබඳ කරුණු පැහැදිළි කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා කියා සිටියේය.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි පාරිභෝගිකයින්හට ලබා දෙන සහන ඒකක කප්පාදුවක් කිසිසේත්ම සිදුකර නොමැති බවත් සහන ඒකක 30 මාස දෙකක බිල්පතක් එක්වර ලබා දීමේ දී ඒකක 60ක් වශයෙන් සළකා කටයුතු කර තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.
ඇදිරි නීතිය බලපැවැත්වු කාල සීමාව තුළ ගෘහස්ථ විදුලි පාරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන්නේ පවුලේ සියලු සාමාජිකයින් නිවස තුළ රැඳි සිටි බැවින් විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම ඉහළ ගොස් ඇති නිසා බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
එම බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසන ලද බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
විදුලි බිල්පත වාරික වශයෙන් ගෙවීමට කටයුතු කළ ද කිසිදු අයුරකින් හෝ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ නිවසකට විදුලිය ගැනීමේදී තබාගන්නා තැන්පතුවට මණඩලයෙන් පොලියක් නොගෙව්වත් සෑම මසකම විදුලි බිලෙන් ස්ථාවර ගාස්තුව කියා රුපියල් අනූවක් අයකරනවා. ඇයි එහෙම කරන්නේ කියලා ඊළඟ ප්‍රකාශය කරන විටවත් කියන්නකෝ...!!!
මේකත් නොමිලේ පොහොර දෙනවා වගේද? ගිය සතියේ විදුලි බල රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ එක්තරා රූපවාහිනි නාලිකාවක සංවාදවලදී කිව්වා.. අප්‍රේල් සහ මැයි මාස සඳහා විදුලි සහ ජලබිල් අය නොකරන බව... දැන් ඕවා සහන බවට වෙනස් වෙලා.
අපි කියන්නේ විදුලි බිලේ වැරැදි හදා දෙන්න කියලා මිසක්... කොටස් වශයෙන් ගෙවන්න නොවෙයි. අධික මුදලක් ඇතුළත් කළ නිසයි මේ ප්රශ්නය පැන නැගිලා තියෙන්නේ... ‘‘ යන්නේ කොහේද-මල්ලෙ පොල්‘‘ කතාවක්නේ ඔය කියන්නේ...
ඉස්සෙල්ලාම විදුලි බල මණ්ඩලයේ බිල් හදන අයට ගණන් කියලා දෙන්න. බිල් හදද්දි හෙණ ගානක් අයකරන් තියෙනවා. මාස 4ම බිල් එකට බැලුවාම සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා.. මැති ඇමැතිලා කියන විදිහට සිස්ටම් එකේ එිවා මැනුවල් වලින් වෙනස් කරපු නිසා තමයි මේ අවුල... මාස 03ට එකට බිල් හදලා 3න් බෙදලා මාස 3ට ගෙවන්න බිල් දුන්නා නම් තමයි නිවැරදි ක්‍රමය. ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ දැන් සම්පූර්ණයෙන්ම අවුල් කරගෙන...
ඡන්ද ගුණ්ඩු මේවා....