(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
වැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත් ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පිලියන්දල ගොරකා පිටිය සමන්පුර අංක 59/B හි පදිංචි වීණාවි සුලක්ඛනා මාපිටිගම (41) කාන්තාවක බව පොලිසිය කියයි.
මියගිය කාන්තාව මෝටර් රථයකින් තම සැමියා සමඟ (15) අලුයම පාමංකඩ දෙස සිට වැල්ලවත්ත දෙසට යාම සඳහා ඊස්වරී මාර්ගයට හර වනවාත් සමග ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාට සහ මෙම කාන්තාවට තුවාල වි තිබීම නිසා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී (15) සිදුකිරීමට නියමිතය.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියැදුරු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුව වූ වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ පො.කො.(37308) කොස්වත්ත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි. යනවද? නැත්නම් ඉගිල්ලෙන්න හදනවද? පරිස්සමින් සහ කල්පනාවෙන් රිය පදවනවා නම් මෙහෙම වෙයිද?
පසුගිය කාලයේ රිය අනතුරු අඩුවුනේ මෙවැනි විසේකාරයින් ඇදිරි නීතිය දමා ගෙවල්වල හිරකරපු නිසා නේද?
තවත් කණගාටුදායක පුවතක්.. එතුමියට නිවන් සුව අත්වේවා..!!!
වීණාවි තම සොයුරු අත්‍රි සමග පුංචි කාලෙ ටෙලිනාට්‍ය වල අධ්‍යක්ෂ ලෙස රඟපෑවා. ඔබට නිවන් සුව..!!!
ගමනක් ඉක්මනින් යන්න වාහන පාවිච්චි කලත් සමහරුන්ගේ නොසැලකිලිමත් කම හින්දා අපරාදේ අහිංසක අයගේ කාලය කෙටි වෙනවා.