(මුදිතා දයානන්ද )
ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට, හිටපු අමාත්‍යවරුන් වන , විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුලු 18 දෙනෙකුට ලබන 17 වැනිදාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.
ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතික ලෙස රජයට පවරා ගත් බවත් එයින් තමන්ට අලාභ සිදුවු බවත් පවසමින් ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඉහත සඳහන් කළ දේශපාලනඥයින් පස්දෙනාට අමතරව හිටපු නාවුක හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන, හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත්, හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත්, සහකාර පොලිස් අධිකාරී ලසන්ත රත්නායක, වසන්ත නවරත්න බණ්ඩාර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්. ඒ. ඩී. ගුණවර්ධන, ලුතිනන් කමාන්ඩර් ඩබ්. එච්. පී. විරසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගගල, ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුකද සිල්වා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර යන මහත්ම මහත්මින් වෙත මෙලෙස නොතිසි නිකුත් කර ඇති බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩ වෙන්නේ පසුගිය කාලයේ රජයේ තිබුණු ඉන්කම් එයාලා අරගෙන දැන් කියවනවා. ඇවන්ගාඩ් එකට පාඩුවුණාලු.. යහපාලන ආණ්ඩුවේ විත්ති කාරයෝ, දැන් පැමිණිලි කාරයෝ වෙලා... රටේ නීතිය ගිය තැන...
ඔය කට්ටියගෙන් විජේදාස රාජපක්ෂ මහතා සේනාධිපති උන්නැහේගේ සමීපතම හිතතෙක් බව අපට මාධ්‍යවලින් දැකබලාගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම විජේදාස මහත්තයා ඒ පැත්තෙන්, මේ පැත්තට පනින රජෙක් නේද? හා හා හොරේ දැනුනා... දැනුනා... !!!
එදා විත්තිකරුවෝ අද පැමිණිලිකරුවන් වෙලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... අනේ රටේ නීතියට ගියකළ...
හොරු රජ වෙලා වෙච්ච දෙයක්. නාවික හමුදාවේ සල්ලි හොරාකාපු අය අද බැබලෙනවා. රටට වෙචච දෙයක්...