IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (15) පියවර ගත්තේය.
 
කෙසේ නමුත් නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය තවමත් දේශසීමා වසා දමා ඇත. යුරෝපයේ අනෙක් රටවල් දේශසීමාවලට පැනවූ සීමා ලිහිල් කළ ද දේශසීමා අතර ගමනාගමනය කෙරෙන්නේ නව සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවය.
 
එබැවින් වසංගතය පැතිරීමට පෙර තිබූ තත්ත්වයට පැමිණීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි පැවසේ.
 
ෂෙනගන් කලාපයේ යුරෝපීය රටවල් 22 සහ අයිස්ලන්තය, ලෙචන්ස්ටයින්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් ද නිදහසේ එහාමෙහා යෑමට අවසර ලබා දී ඇත. කෙසේ නමුත් මේ රටවල් සියල්ල අතර දේශසීමා මාස තුනකට ආසන්න කාලයක් වසා දැමුණු අතර භාණ්ඩ සහ අත්‍යවශ්‍ය සේවකයන් ප්‍රවාහනයට පමණක් අවසර ලබා දී තිබිණි.
 
සඳුඳා වනවිට රටවල් අතර දේශසීමා මෙන්ම රටවල් අභ්‍යන්තරයේ පනවා ඇති ප්‍රවාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සලකා බලන්නැයි යුරෝපා සංගමයේ ස්වදේශ කටයුතු පිළිබඳ කොමසාරිස් යිල්වා යොහැන්සන් පසුගිය සතියේදී ෂෙනගන් කලාපයට අයත් රටවලින් ඉල්ලීමක් කළාය.
 
දේශසීමා වසා දැමීමට ගත් දැඩි පියවර ලිහිල් කිරීමත් සමඟ යුරෝපයේ ගමනාගමන සහ සංචාරක කර්මාන්තවලට තරමක උපකාරයක් ලැබෙනු ඇතැයි පැවසේ. යුරෝපා කලාපයේ සමස්ත ආර්ථිකයෙන් සියයට 10කට හිමිකම් කියන්නේ සංචාරක හා ගමනා ගමන කර්මාන්තයයි. මධ්‍යධරණී කලාපයට අයත් රටවල් ද මීට දායකත්වය සපයන අතර නව කොරෝනා වයිරසය හේතුවෙන් කලාපයේ සංචාරක සහ ගමනාගමන කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල විය.
 
නව පියවර සමඟ අයිස්ලන්තයේ සිට ග්‍රීස්ලන්තය දක්වාත් යුරෝපා කලාපයේත් ෂෙනගන් වීසා නිකුත් රටවලත් දේශසීමා විවෘත කෙරේ. කෙසේ නමුත් සාමාන්‍ය තත්ත්වය ඇතිවීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇතැයි පැවසේ. ෂෙනගන් කලාපයේ මිලියන 420කට අධික පිරිසක් ජීවත්වෙති.
විදේශීක සංචාරකයන්ට ජූනි 21 වැනිදා දක්වා රට විවෘත නොකරන බව ස්පාඤ්ඤය නිවේදනය කර ඇත. කෙසේ නමුත් ස්පාඤ්ඤයට අයත් ඇතැම් දූපත් මේ වනවිට විදේශීය සංචාරකයන් සඳහා විවෘත කර ඇත.
 
වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කළ ද සංචාරය කිරීමට ඇති අයිතිය තීරණය වන්නේ ජීවත්වන ස්ථානය සහ ගමන් කිරීමට බලාපොරොත්තු වන ස්ථානය අනුවය.
 
රොයිටර්
 
055
 



අදහස් (0)

මාස තුනකට පසු යුරෝපයේ දේශසීමා විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 214 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 381 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 638 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site