(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
රත්මලාන සොයිසා පුර අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් බුත්තල දී අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර අත්අඩංගුවට ගත් සිද්ධිය වූ දින මෝටර් රථය පැදවූ බව කියන සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි මොරටුමුල්ල නිවස පිටුපස වළ දමා තිබූ ටී 56 ජීවී පතරොම් දෙකක් සහ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු ඔහුගේ බිරිඳගේ ගම් ප්‍රදේශය වන බුත්තල කටුගහගල්ගේ ජනපදය ප්‍රදේශයේ නිවසක සැගව සිටිය දී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd