(ඩයනා උදයංගනී)
අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන ස්වර්ගස්ථ විය.
කුඩා වයසේදීම සිතූ ලෙස පූජකවරය ලබාගත් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වන විට 89 වැනි වියෙහි පසුවිය.
මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 පෙබරවාරි 02 පූජකත්වය ලැබුවේය.
ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.
ලේඛකයෙකු වගේම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට ද මහත් සේවයක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියතුමෝ නෙවෙයි, පියතුමා විය යුතුයි.
පියතුමෝ කියන්නේ ගෞරවය සඳහා.. මෑණියෝ, පියාණෝ කියනවා වගේ සිංහල ව්‍යාකරණ යෙදුමක්.. පියතුමෝ ස්වර්ගස්ථ වෙති කියන බහුවචන නාමපදය හරියට හරි.
මගේ සෝකය ප්‍රකාශ කර සිටිමි..
මේ රටේ ජනතාවට වගේම කලාවට, රූපවාහිනියට, ගුවන් විදුලියට මහා සේවයක් සැලසු පියතුමනි, ඔබ වහන්සේ පැතූපරිදි...දෙව් සමිඳාණන්ගේ රාජ්‍යයේ සැතපේවා...!!!
අහෝ !!! දුකකි ... අතීතයේ එක්තරා වකවානුවක කතෝලික සිනමා පර්ෂදයේ සිනමා කලාව උගත් කාලයේ ඔබතුමාගෙන් ලද කාරුණික සෙනෙහස මතක් වී නුවන් කඳුළින් තෙත්වුණි. මේ පර්ෂදයෙන් බිහිවූ බොහෝ සංවේදී නිර්මාණකරුවන් වෙනුවෙන් ඔබතුමාට අපගේ හද පත්ලෙන් නැඟෙනා ආචාරය...!!! දෙවි සමිඳුන් වෙත ගිය ඔබතුමාට ස්වර්ග සැප ප්‍රාර්ථනා කරමු.
කෙලින් කතාකරපු, කෙලින් වැඩ කරපු නිකැලැල් සුන්දර මනුස්සයෙක්... ලොකු පොඩිකම් නෑ. බිෂොප් ප්‍රධාන ආරාධිත වුණු පූජාවක වෙලාවට බිෂොප් එන්නේ නැතිව පූජාව පටන් ගත්තා බිෂොප් නැතිව... පොඩි ළමයෙක් ආවත් ජනාධිපති ආවත් එක විදියයි. ඉස්සරහ ඉඳන් ඉන්න ඕනේ. නැත්තන් බැනුම් තමයි. ජීවිත ආදර්ශයෙන්ම ලේසියෙන් හොයාගන්න බැරි ඊනියා නීතිවලට නොව සැබවින්ම දේව සේවයට කැපවුණු කෙනෙක්.... ඔබතුමන්ලා නිසා අපි නිවැරදි දේ කරන්න හා එයින් ආත්ම තෘප්තියක් ලබන්න පුරුදු වුණා. රායප්පු ජෝසෙප්ට කොටියෙක් කියලා කෙලින් කියන්න පුළුවන් වුණු එකම පියතුමා ඔබතුමා. ඒ නිසා ඔබතුමාට ආව විවේචන වලින් සභාවේ ක්‍රියකාරිත්වය, දේව වචනයට වඩා මිනිසා විසින් ස්ථාපිත නීතිගැන සළකන සභාව ගැන අපිට වැටහුණා. සමාජය නැමති ගංගාවේ මාර්ගය සකසන ඔබතුමා වැනි බරගල් පාවෙලා ලබුකැට යටයන මේ කාලයේ ඔබතුමාගේ වියෝව, හුදෙකලාව නිවැරදිව ජිවත්වෙමින් උඩුගං බලා පීනන අපි වගේ අයට කියන්න බැරි පාඩුවක්... ඔබතුමාට ජේසු පිහිටයි.
මට තාම මතකයි පෝරුතොට පියතුමා දෙහිවල ශාන්ත මරියා මීසමේ හිටිය කාලය සහ කතෝලික ජනතාවට කළ සේවය... දෙවිපියාණන්ගේ රාජ්‍යයේ සැතපේවා...!!!