ගිංගගෙන් පාලනය වන පොම්පාගාර 10ම ක්‍රියාත්මකයි ගිංගඟ ජල යෝජනා ක්‍රමය මගින් පාලනය වන පොම්පාගාර 10ම ක්‍රියාත්මක වන බවත් මේ වනවිට එම පොම්පාගාර මගින් ආරක්ෂිත කලාපයේ ඇති ජලය ඉවත් කරමින් පවතින බවත් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පවසයි. 24 September 2019
ගිං - නිල්වලා - කළු ගංගාවල ජල මට්ටම ඉහළට අධික වර්ෂාව හේතුවෙන් ගිං, නිල්වලා, කළු ගංගාවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යන බැවින් පහත් බිම් වල පදිංචි ජනතාවට හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දන්වා සිටියි. 23 September 2019
සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයට රෝගීන් යොදාගැනීම ගැන වාර්තාවක් ඉල්ලයි පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළයුතු සායනික පරීක්ෂණයක් ආයුර්වේද රෝහල මගින් රෝගීන් යොදා ගෙන කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස්වරයා නියෝග කර තිබේ. 23 September 2019
දරුවෙක් අපයෝජනය කළ හමුදා නිලධාරියෙකු වසර 2 ක් සිරගෙට කොළඹ ප්‍රධාන පෙළේ පාසලක වයස අවුරුදු පහක ගැහැණු දරුවකු අපයෝජනය කළැයි වරද පිළිගත් යුද හමුදාවේ හිටපු සාජන්වරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (23) නියම කළේය. 23 September 2019
පරිපාලන සේවයේ සියලුම නිලධාරීහු හෙට වැඩවරති ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් හෙට (23) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බව එහි ලේකම් රෝහණ සිල්වා මහතා පැවැසීය. 23 September 2019
සජිත් ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙයි රාජකාරී කටයුතු වලදී උපදෙස් ලබා දීම විනා නියෝග කිසිවක් සිදු නොකරන බවත් 2025 වනවිට මෙරටට උදා ගම්මාන 20000 ක් බිහිකරමින් රටේ ජනතාවගේ ‘‘ සැමට සෙවණ ’’ නිවාස සංවර්ධන දැක්ම ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ කියා සිටියේය. 23 September 2019
දිල්රුක්ෂි වෙනුවට සොලිසිටර් ජනරාල්වරයෙක් ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වු බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ කළ වැඩ ආවරණය කිරීම සඳහ ජ්‍යෙෂ්ඨ සහකාර සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 23 September 2019
එජාප අපේක්ෂකයා තේරීම සිරිකොතේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේෂී රැස්වීම බ්‍රහස්පතින්දා (26) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර එහිදී 2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවේ. 23 September 2019
ගාල්ල - මාතර පාසල් හෙට-අනිද්දා වහයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(24) සහ අනිද්දා(25) වසාතැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පැවසීය. 23 September 2019
ගෝඨාභයට සහය පළකරමින් පොහොට්ටුවෙන් සමුළු මාලාවක් ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි හෙට (24) සිට ඉරිදා (29) දක්වා සමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකර ඇත. 23 September 2019
‘දිල්රුක්ෂිට තනතුරේ රැඳෙන්න නීතිමය අයිතියක් නෑ’ චූදිතයකු සමඟ දුරකතන සංවාදයේ යෙදුණු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට තවදුරටත් සොලිස්ටර් ජනරාල් ධූරයේ කටයුතු කිරීමට නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (23) පැවසීය. 23 September 2019
නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට ගාල්ල වඳුරඹ , කොකාවල කන්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නිවසේ සිටි කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 23 September 2019
පළාත් 4 කට ඉදිරි පැය 24 දී තද වැසි ඉදිරි පැය විසි හතරේ දී මිලි මීටර 200ට අධික වර්ෂාපතනයක් දකුණ, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත් හි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2019
අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු අස්විය යුතු බව ගම්මන්පිල කියයි අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරියගේ කතාව අනුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වහාම ඉල්ලා අස්විය යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (23) පැවසීය. 23 September 2019
අවදානමෙන් බේරෙන්න නිල්වලා ගං මෝය කට පුළුල් කරයි මාතර දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන ගංවතුර තත්වය පාලනය කිරීම සඳහා නිල්වලා ගගේ ජලය මුහුදට වැටෙන මාතර කොටුව ප්‍රදේශයෙන් මෝය කට කපා පුළුල් කිරීමේ කටයුතු අද (23) ආරම්භ කළ බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රභාත් කළුබෝවිල මහතා පැවසීය. 23 September 2019
ගුරුකන්ද නා හිමිගේ ආදාහන පුජෝත්සවයට අවසර අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. 23 September 2019
ආගමන විගමන - හැඳුනුම්පත් කාර්යාලවල සේවා ප්‍රමාදයක් රාජ්‍ය සේවයේ විධායක නොවන ශ්‍රේණි 18 ක සේවකයන් ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කාර්යාලීය කටයුතුවල අද (23) ප්‍රමාදයක් මෙන්ම දැඩි තදබදයක් ඇතිවිය. 23 September 2019
එජාප ජනාධිපති අපේක්ෂකයා තවම රහසක් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් රහසක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය. 23 September 2019
හමුදා බසයක් - වෑන් රියක ගැටී ඇඟලුම් සේවිකාවෝ 7ක් රෝහලේ කරුවලගස්වැව 10 කණුව ප්‍රදේශයේ අද(23) යුද හමුදා බස් රථයක් ඇඟලුම් සේවිකාවන් ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් වූ අනතුරින් හත්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 23 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස් ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය. 23 September 2019
සජිත් ජනපති කොමිසමේ පොලිස් ඒකකයට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හමුවේ විභාග වන පැමිණිල්ලට අදාළව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට ස්වල්ප මොහොතකට පෙර රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ ගැන සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේය. 23 September 2019
ගෝඨාභය තලවිල ශාන්ත ආනා දේවස්ථානයට ගොස් දේවාශිර්වාද ලබාගනී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තලවිල ශාන්ත ආනා දේවස්ථානයට අද (22) පැමිණ දේවාශිර්වාද ලබා ගත්තේය. 22 September 2019
කිරි දෙනුන් ගෙන් වූ ව්‍යාපෘතිය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් සාක්කි දෙයි ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට කිරි දෙනුන් 20,000 ක් පමණ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන අමාත්‍ය පී.හැරිසන් මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද එය දිගටම සිදුකර ගෙන යන ලෙසට තමන්ට උපදෙස් ලැබුණු බවත් පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසුවාය. 22 September 2019
නුවරඑළියේ වතු රෝහල් මධ්‍යම රජයට පවරාගන්න තීරණය කරයි වතු කම්කරු ජනතාවට ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම වතු රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 22 September 2019
සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට රෝගීන් යොදාගෙන පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ගෙන් වූ විදේශ රටක නිෂ්පාදිත ‘ආයුර්වේද කැස්ස පැණියක්’ සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයකට ආයුර්වේද ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන් පිරිසක් යොදාගෙන කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. 22 September 2019
සජිත් හෙට ජනපති කොමිසම හමුවට මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දීමට නියමිතය. 22 September 2019
2018 ඡන්ද හිමි නාමලේඛනය මහජන ප්‍රදර්ශනයට මෙවර ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන 2018 ඡන්ද හිමි නාමලේඛනය මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. 22 September 2019
කපුවාත් බෝම්බයේ පිහිට සොයයි පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණ වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (22) අතඅඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි. 22 September 2019
ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපතිගෙන් ජනපතිට ලිපියක් බාල වර්ගයේ ලිහිසි තෙල් ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වන බවත් මේ නිසා ත්‍රිරෝද රථ ඇතුළු වාහන විවිධ කාර්මික දෝෂවලට ලක්වන බවත් දන්වමින් සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අද (22) ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 22 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026