ඉන්දියාවෙන් අඛණ්ඩව දෙවැනි දිනටත් දිනක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 11,929ක් අද (14) වාර්තා විය.
එම ආසාදිතයන් 11,929දෙනා ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන ද විය.
ඉන්දියාවෙන් සෙනසුරාදා පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ආසාදිතයෝ 11,458 දෙනෙක් වාර්තා වූහ.
මේ අනුව ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 3,20,922ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ 1,49,348ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 1,62,379කි.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 311ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 9,195කි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් අද වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,04,568ක් විය. තමිල්නාඩුවෙන් ආසාදිතයන් 42,687ක් ද දිල්ලියෙන් ආසාදිතයන් 38,958ක් ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 23,038ක් ද මේ වනවිට වාර්තා වී ඇත.
(එන්.ඩී.ටීවී. )
055
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
දෙවැනි දිනටත් ඉන්දියාවේ දිනක කොරෝනා ආසාදිතයන්ගේ ගණන 11,000 ඉක්මවයි
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 June 2020 12:46 PM
ගරු ජනපතිතුමනි, ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය ගෙනෙන්නන් මුහුදු මාර්ගයෙන් ඒවා රට තුළට ගෙනඒමේදී, ඒවාත් සමග කොරෝනා වයිරසයද ගෙන ආ හැකි බැවින් ඒ සියල්ලට මං අහුරන්න... රට ජාතිය ඔබතුමා අතේ... !!!