(නිමල කොඩිතුවක්කු)
 
ඉදිරි පළාත් සභා මැතිවරණයේ සිට සෑම මැතිවරණයකදීම තරුණයන් වෙනුවෙන්  25% ක අපේක්ෂකත්වයක් ලබාදීමට කැප වන බව සමග ජන ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

25% ක කාන්තා නියෝජනය ලබා දෙන අතරම තරුණ අපේක්ෂකත්වය සිට 25 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය .

සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන 'සමගි තරුණ බලවේගය' එළි දැක්වීමේ   අවස්ථාවට ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ දි අද(15) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.දේශපාලනය සඳහා තරුණයන්ගේ ආකර්ෂණය වැඩි කිරීම සඳහා මෙම තීරණය ගත් බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

බලය ලැබුණු පසු කාන්තා සහ තරුණ නියෝජනය සිට 25 දක්වා වැඩි කිරීමට රටේ නීති සකස් කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා සමගි තරුණ බලවේගයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.