IMG-LOGO

’ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අලියා සුදානම්’

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මහ මැතිවරණයට සහ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට අලියා සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කොළඹ දී අද (11) පැවසීය.

රටේ පවතින ගැටළු වලට විසඳුම් රැගෙන දක්ෂ බුද්ධිමත් කණ්ඩායමක් මෙවර මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මෙසේද පැවසීය.


“අද වන විට අපි මැතිවරණ සමයක ට මුහුණ දෙමින් සිටිනවා. කොරෝනා අවදානමත් එක්ක තමයි අපිට මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. අපි පක්ෂයක් විදිහට මේ ගැන විශාල හඬක් නැගුවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය සේවාවන් මෙන්ම ආරක්ෂක අංශත් මේ වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් කියාත්මක කරනවා. ඒ වගේම ජනතාවත් සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය කරමින් එම වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දෙනවා.

මේ වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 230ක් හෙවත් රුපියල් බිලියන 42 යි දශම හයක මුදලක් ලබා දීලා තිබෙනවා. මේ මුදල් මොනවටද යෙදෙõවෙ කියලා රටේ ජනතාව දන්නේ නැහැ.



අදහස් (11)

’ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අලියා සුදානම්’

ගැමුණු Thursday, 11 June 2020 09:38 AM

මූණ දෙනවා තමයි. හැමදාම අන්තිමට මූණු නාලු වෙනවා.

:       550       389

pradeepa Thursday, 11 June 2020 09:52 AM

කැට තියලා කියන්නේ මෙදා සැරේ එජාපය ඡන්ද ගන්නේ ලක්ෂ 5යි.. ඒක ශුවර්...

:       535       238

rama Thursday, 11 June 2020 09:53 AM

වියදම් කළේ නැතිනම් ඒකෙනුත් ටිකක් ගසාකන්නද හොයන්නේ?

:       450       30

rama Thursday, 11 June 2020 09:56 AM

ඉස්සෙල්ලා කියන්නකෝ මහබැංකුව සුද්ද කළ ඒවා කොහොමද වියදම් කළේ කියලා..?

:       451       133

kamalFriday, 12 June 2020 10:36 AM

2007 ඉඳන්ම මහබැංකු කොල්ලය සිදුවූ බව දන්නේ නැතිද?

:       0       23

sajith Thursday, 11 June 2020 10:42 AM

මැදමුලනේ රෙදි හෝදන, අපු්ල්ලන අභියෝගෙ...

:       167       57

wicky Thursday, 11 June 2020 04:11 PM

ඔබතුමාලා මුහුණ දෙනවා තමයි නමුත් පාක්ෂිකයෝ අත දෙන්නේ නැහැ.

:       0       1

ISURU Thursday, 11 June 2020 05:01 PM

අලියට ඇපත් නෑ.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 June 2020 03:16 AM

ඔව් .. ඔව් .. සූදානම් .. ජනතාව බලය දුන්නා. හැමෝම නායකයෝ වූනා. හැමෝම ප්‍රකාශකයෝ වූනා. බලේ තියෙනකොට මොළේ තිබුණේ නැහැ. පක්ෂය ඇතුළේ තවමත් දැඩි අර්බුධ. ඩීල් කාරයන් නිසා ජනතා විශ්වාසය බිඳිලා. තවත් දේ බොහෝමයි. එසේ තියාගෙන කියනවා. ඕනෑම අභියෝගයකට සූදානම්ලු. ඔව් .. ඔව් .. සූදානම් .. අනේ ! මගේ කට ..

:       0       24

Bamunuarachchi Friday, 12 June 2020 07:48 AM

අලියා කියන සතා ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සතෙක්.. නමුත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ අලි බලන ගොයියෝ ඒ වැඩේට සුදුසු නැතිකමයි.

:       0       1

kamal Friday, 12 June 2020 10:37 AM

ඕනෙම අභියෝගයකට සූදානම්... හැබැයි මැතිවරණ අභියෝගය හැරෙන්නට...

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 13 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site