(පාලිත ආරියවංශ)
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නතර වී තිබූ බදුල්ල - කොළඹ දුම්රිය ධාවනය මාස 2 යි දවස් 18 කට පසු අද (8) ආරම්භවිය.
ඒ අනුව උඩරට මැණිකේ දුම්රිය බදුල්ලෙන් පෙරවරු 5.45 ට කොළඹ බලා ගමන් ආරම්භ කළේය.
පොඩි මැණිකේ දුම්රිය පෙරවරු 8.30 ට බදුල්ලේ සිට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා කීය.
බදුල්ලේ සිට කොළඹ බලා පෙරවරු 11.00 ට ධාවනය වූ දුම්රිය පෙරවරු 10.15 ත් , භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මහනුවර දක්වා පෙරවරු 11.00 ත් සහ රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 5.45 ත් ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd