(අනීෂා මානගේ)
සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අලුයම 4.30ට බෙලිඅත්තේ සිට කොළඹ බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, අළුයම 4.40ට සාගරිකා දුම්රිය සහ අළුයම 5.20ට ගාලු කුමාරි දුම්රිය ගමන් ආරම්භ කළේය.
වෙනත් දිනවලට සාපේක්ෂව අද දිනයේදී දුම්රියෙන් යාමට වැඩි මගීන් පිරිසක් පැමිණ සිටි ආකාරය දැකගත හැකිවිය.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 6.30ට ගාල්ල බලා එක් දුම්රියක් සහ පෙරවරු 8.45ට වවුනියාව බලා තවත් දුම්රියක් ධාවනය වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතැයි, මාස ගණනක් තම ගම්බිම් වල කොටුවෙලා හිටපු කට්ටිය තම ආදායම් මාර්ග නැවත සකස් කරගනත් එපායැ.
මීටරේ දුරස්ථ භාවය අමාරුවෙන් හරි පිළිපදිනවානම් මේ උවදුරෙන් ගැලවෙන්න පුළුවන් වෙයි.