(ටෝනි කරුණානායක)
හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ අත්අඩංගුවට පත් විමෙන් පසු අධිකරණ නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ දින 07ක් රඳවා ප්‍රශ්න කල සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා අද(8) නියම කළේය.
දිවුලපිටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට පත් ව තිබූ ආඩිඅම්බලම සහ හිනටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කුඩු ව්‍යාපාරිකයින්ට බියවීමට දෙයක් නැහැ. ඒ මන්දයත්, සිරකරුවන් රැකගැනීමට මොකක්ද රටකන විකාර මඟුලක් අටෝගෙන. ඔන්න දැන්.. බයවෙන්න වෙන්නේ කුඩ්ඩන් ඇතුළු අපරාධකාරයින් අල්ලන පොලීසියට..