(ඉන්දිකා රාමනායක)
විදේශ රටවලින් මෙරටට පැමිණ ශ්‍රී ලංකිකයන් ගෙන් 578 දෙනෙක් ම කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස අතරින් 359 දෙනෙක් කුවෙට් සිට මෙරටට පැමිණි පිරිස බවද හමුදාපතිවරයා කියා සිටියේය.
විදේශ රටවල සිට ශ්‍රී ලංකිකයන් 6500 ට වැඩි පිරිසක් මේ දක්වා මෙරටට පැමිණ සිටින බවද හමුදාපතිවරයා සදහන් කළේය.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයන් 5282 ක් පිරිසක් නිරෝධායන වන බවද හමුදාපතිවරයා සදහන කළේය.
මෙම පිරිස අතර විදේශ රටවල සිටි පැමිණි පිරිස හා නාවික හමුදා සාමාජිකයක් පිරිසක් සිටින බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කිව යුත්තේ දොස්තර කෙනෙක්...
සර් එහෙම කියලා ගල්ෆ් කලාපේ ඉන්න අපිට අපේ රටට එන්න තියෙන මග අහුරලා අපිව මෙහෙ බල්ලන්, බළල්ලු ගානට මැරෙන්න ඇරලා ඉන්න එපා නිරෝධායන පහසුකම් වැඩිකරලා අපිටත් අපේ රටට එන්න ක්‍රම වේදයක් හදන්න. මොකද අපි ඔහේ ඉන්න සමහර නිලධාරින් වගේ රටේ සල්ලිවලින් ඉගෙනගෙන රටේ සල්ලි වලින්ම රට ශිෂ්‍යත්ව ලබාගෙන රටටම බරක් වෙලා ජීවත් වෙනවා නෙවෙයිනේ... අපි හම්බ කරන හැම සතයක්ම රටට එවන්නේ...
මිනිස්සුන්ට තමන්ගේ ආදරණීයයන්.. දේශපාලකයින්ට සහ ඔවුන්ගේ බත් බැලයින්ටයි මිනිස් බෝම්බ.. එක්රටක් එක් නීතියක්... ගෙදරින් පෑනක් අරන් ඡන්දෙ දාන්න යමු.
සේන සහෝදරයා ඔබලාට වුණු අසාධාරණය ගැන මට හරි කණගාටුයි. ලංකාවේ ඉන්න සමහර කාලකණ්ණින්ට දේශපාලුවන්ට ඔබලා " කොරෝනා බෝම්බ" ලෙස පෙනුණාට රටේ බොහෝදෙනෙකුට ඔබලා පේන්නේ අසාධාරණයට ලක්වුණු පුරවැසියන් ලෙසට, ඉහළ පැලැන්තිය නියෝජනය කරන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය සිටපු විශාල පිරිසක් නිරෝධායනය කර ලංකාවට ගත්ත නමුත් අරාබියේ අනාථකඳවුරු වල සිටින ඔබලාට සිදුවුණු අසාධාරණය ගැන ලංකාවේ විශාල පිරිසක් කම්පා වෙන බව අමතක කරන්න එපා. මමත් ඔබ මෙන්ම පීඩිත පන්තිය නියෝජනය කරන පුරවැසියෙකි.. මම මෙන්ම විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලබන සැරේ කතිරේ ගහනකොට ඔබලාට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙන එක අමතක කරන්න එපා... ධෛර්යමත් වන්න. පාලකයින්ට ඔබලා එපා වුණාට වර්ෂයකට ඩොලර් බිලියන 7-8 අාදායමක් උපයා දුන් ඔබලා රටට එපාවී නැහැ. "වැලේ ගෙඩිවැලට බරක් නැහැ "