(විනීතා එම් ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම හා සෙනසුරාදා තැපැල් කාර්යාල වසා දැමීම ඇතුළු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උස්ස අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යංශයේ දී අනිද්දා (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන හා තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවට තැපැල්පතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ පරිපාලන මට්ටමේ නිලධාරින් පිරිසක් හා තැපෑලේ සියලූම වෘත්තිය සමිතිවල නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතය.
තැපැල් දෙපාර්තමේන්තුව වසරක දී කෝටි 500 කට ආසන්න මුදලක් පාඩු ලබන බව හෙලිවී තිබේ.
කාර්ය මණ්ඩල වැටුප් සඳහා තැපැල් දෙපාරේතමේන්තුව වසරක දී කෝටි 100 කට ආසන්න මුදලක් වැය කරන අතර අතිකාල ඇතුළු විවිධ දීමනා ගෙවීමට පමණක් දිනකට කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කරන බව හෙලි වී තිබේ.
මෙම අසීමිත වියදම් අවම කර ගැනීමේ වුවමනාව මත දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් තීරණ කිහිපයක් ගෙන ඇති අතර එම දෙපාර්තමේන්තුවට දැනට වැඩ කරන දිනයක් වන සෙනසුරාදා දිනයේ තැපැල් කාර්යාල හා උපතැපැල් කාර්යාල වසාතැබීමට ද එහි දී තීරණය කර ඇත.
මෙකී තීරණයට දෙපාර්තමේන්තුවේ සමහර වෘත්තිය සමිති විරුද්ධ වී ඇති අතර ඒ පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරවන බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටළුව ගැන අමාත්‍යංශයේ දී අනිද්දා සාකච්ඡාවක්
Gamage Sunday, 07 June 2020 01:14 PM
මේක සේවාවක් ... ලාභ ලබන ආයතනයක් කරගන්න මැනේජ්මන්ට් එක දැනගන්න ඕනේ.. සේවකයින්ගේ ඕටී කැපුවා කියලා හරියන්නේ නැහැ.
de silva Sunday, 07 June 2020 03:19 PM
තැපෑල හැමදාම පාඩු ලබනවා .. තැපැල් සේවකයන් හරියට රාජකාරිය කරන්නේ නැහැ. එමනිසා පාරිභෝගිකයන් පුද්ගලික කූරියර් සේවාවල සේවය ලබා ගන්නවා. තැපෑල පසුගිය දශක කිහිපයේදී එන්නම එන්නම පිරිහිලා... උදාහරණයක් ලෙස ගන්නවා නම් 90 දශකයේදී ජර්මනියේ ඉඳන් ලංකාවේ ගාල්ල නගරයට සාමාන්‍ය තැපෑලේ එවන ලිපියක් දින 5-9 අතර කාලයකදී ලැබෙනවා. මෙච්චර තාක්ෂණය අලුත්වෙලත් දැන් අවම වශයෙන් සති 3 - මාස 2 අතර කාලයක් ගතවෙනවා.. ජර්මනියෙන් ඇහුවම කියනවා අපට යවන්න ලැබෙන රට ලියුම් සාමාන්‍යයෙන් පැය 24 ඇතුලට තෝරලා, අදාල රටට ගුවන් ගතකරන්න කටයුතු කරනවා කියලා..., ලංකාවේ තැපැල් කාර්යාලයට ගියොත් පෙනෙනවා සේවකයින් වැඩ කරන හැටි..., මේක පුද්ගලික අංශයට පවරන්න.. යුරෝපයේ දියුණු රටවල තැපෑල පුද්ගලික අංශයට පවරා ඇත. එමනිසා බදු ගෙවන ජනතාවට පාඩුවක් නොවේ. මේකට අපේ බදු සල්ලිත් වියදම් කරලා හරිහැටි සේවයක් නොවෙනකොට කුමක් හෝ දිර්ඝකාලීන පිළියමකට යන්න ඕනේ නේද?
himal Sunday, 07 June 2020 04:00 PM
මෙතන වෙලා තියෙන්නේ අතිකාල කැපීමක් නොවේ. සෙනසුරාදා දිනයේදී තැපෑල පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් තියෙනවද? අන්න ඒකයි සලකා බලන්න ඕන. අනෙක් අතට ඉදිරියට තවදුරටත් මුද්දරෙයි, ලියාපදිංචි ලිපියයි විකුණලා නම් තැපෑලට පවතින්න බෑ.
රාජුන් Sunday, 07 June 2020 04:34 PM
හාල් මිල වැඩි කළාම මේක මහජනතාව ලැබූ ජයක් කියලා උදම් අනපු ඇමති නේද තැපෑල බාර ඇමති?
lalithm Sunday, 07 June 2020 04:54 PM
සේවාවක් හැමවිටම ලාබ ලබන්න බැරි වෙන්න පුළුවන්. එහෙත් අතිකාල මත සේවාවක් දුවන්න හේතුවක් ලංකාවේ තියෙන්න බැහැ. උතුරන්න නිකම් ඉන්න සේවකයින් ඉන්නවා රජයේ හැම කාර්යාලයේම. අනික සේවකයින් රාජ්‍ය සේවාවන් පාලනය කරන්න ගිහින් තමා පරිපාලන නිලධාරීන් අක්‍රිය වෙලා තියෙන්නේ. වෘත්තීය සමිති ලොක්කෝ රටම පාලනය කරන්න හදන එක නවත්වන්න දැන් කාලේ හොඳයි.
sas Monday, 08 June 2020 02:51 AM
එංගලන්තය, ජර්මනිය වැනි රටවල තැපැල් සේවය පුද්ගලික අංශය සම්බන්ධ කරගෙන සිදු කරයි. ලංකාවේද එලෙස සිදුකිරීම සුදුසුයි...