( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද (08) දෙවැනි වරටත් නොතීසි නිකුත් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නොතීසි නිකුත් කෙරිණි.
මෙම නඩුවට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා අද දින ගොනුකරන ලෙස එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාට මීට පෙර නඩු දිනයේ දී නොතීසි නිකුත් කර තිබුණද ඔහු හෝ ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඊයේ අධිකරණයේ පෙනී නොසිටියේය.
ඒ අනුව විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි වන ප්රසදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සමට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කරන්නේද? යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඞ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමන් අභියාචනාධිකරණය යළි දෙවැනි වරටත් නොතීසි නිකුත් කළේය.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරනවා යැයි කියන කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මෙම රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා තිබිණි.
මෙම පෙත්සම් විභාගය අවසන් කොට එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට දින නියම කර තිබියදී ඉකුත් 2019 වසරේ අගෝසතු මාසයේදී එම නඩු තීන්දුව ප‍්‍රකාශ කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැති බව එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාව සිටි යසන්ත කෝදාගොඩ මහතා දැනුම් දුන්නේය.
ඉන්පසුව මෙම නඩුව යළි මුල සිටම වෙනත් විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා තීන්දු කළේය.ඒ අනුව එම පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යළිත් විභාගයට ගැණිනි.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.
ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කොට නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ.වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පැවසේ.
මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝනය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක්ද වේ.
පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාල නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවී හෙව්වා වගේ මේ පුද්ගලයත් හොයාගන්න අපහසු වෙයිද?, අදාල නිලධාරින්ට...
කෝ මේ ඉරාජ්...?
දේශපාලුවෙක් නේද? සත්ව උද්‍යානයෙන් බලු කූඩුවක් ඉල්ලාගෙන ගිහිල්ලා කුදලාගෙන නීතිය ඉදිරියට පමුණුවන්න... දේශපාලුවන්ට කිසිම අනුකම්පාවක් නොදක්වන්න. බලු නකුට උණපුරුකේ හත් අවුරුද්දක් දැම්මත් ඇද අරින්න බැරුවාසේ දේශපාලුවන්ගේත් ජඩකම් කිසිදිනක අත හරින්නේ නැත. මේ පක්ෂෙන් බැරිනම් අර පක්ෂෙන් හරි ඇවිල්ලා කරන්නෙම මහජනයා ගසාකෑමයි.
දවස් 14ට රිමාන්ඩ් අනිවාර්යයෙන්...
මෙයාගෙන් මේ නොතීසිය පෙන්න පෙන්න එන ඡන්දෙට උදව් ලැබෙන ආකාරය අනුව නඩු කැඳවීම සහ නඩුවේ පෙනී සිටීම සිදුවනු ඇත. ඕන් කිව්වා මේන් ගියා!
දැන් මැතිවරණය ලඟයිනේ.. ඔන්න නාඩගම පටන් ගන්නයි හදන්නේ... විල්පත්තු විනාශයට බදියුදීන්ට පෙර වගකියන්න ඕන බැසිල්, ගෝඨාභය, මහින්ද, ඔය විනාශයට එදා විරුද්ධ වෙච්ච DIGලා කීදෙනෙක් ගෝඨාභය බැසිල්ගේ කීමට මාරුකර හැරියද..? එදා බදුර්දීන්ට නැගෙනහිර කරන්න බැරි දෙයක් තිබුණද? දැන් මේ අය මැරිලා, ඉපදිලා වගේ රට බත්කන හරක්ට මේව අළුත් දේවල්...
අපි කිව්වනේ..., මේ මනුස්සයට මේ විදිහට වද දෙන්නේ නැතුව.. එක සැරේම එල්ලලා දාමු කියලා... කොහෙද ඉතින්, අපි කියන දෙයක් මෙලෝ යකෙක් අහන්නේ නැහැනේ....
නඩු තීන්දුව එනකොට පෙරහැර ගිහින් තියෙයි
රාජපක්ෂ ආණ්ඩුවට ඉලෙක්ෂන් ජාවාරම, රිෂාඩ් විල්පත්තුව, ගලගොඩ හමුදුරුවන්ගේ කොළ කෑලි ටික, රනිල් කල්ලියට ඉලෙක්ෂන් ජාවාරම...
රිෂාද් බදුර්දීන් කියන්නේ එච්චරටම ලොක්කෙක්ද? ඔහු ඉන්නේ ලංකාවේ නීතියටත් ඉහළින්ද?
අපිට පෙනෙන්න බිලි බාන බවක් පෙන්නුවට මාලුවාව බිලි බාගන්න යොදන බිලි පිත්තේ බිලි කොක්ක නැහැ. ඔය මාලුවාව කවුරුවත් අල්ලන්නේ නැත.
මෙයාට විරුද්දව මොන තරම් චෝදනා තියෙනවද. මේවාට නිසි ක්‍රියා මාර්ග ගන්නේ නැත්තේ ඇයි?
"මාළුවාව බිලි බාගන්න යොදන බිලි පිත්තේ බිලි කොක්ක නැහැ. ඔය මාලුවාව කවුරුවත් අල්ලන්නේ නැත." යාලුවා මාළු බන එකයි මාළු කොටන එකයි දෙකක්. එමනිසා මාළු බාන්න හදනවාද මාළු කොටන්න හදනවාද කියා බලමු. බාපු මාළුවාට නැවත මුහුදට යන්න පුළුවනි නමුත් කොටපු මාළුවාට දඟලන්නවත් අවස්තාවක් නැත.
2015 සිට 2019 නොවැම්බර් වෙනකම් එයා එහෙම හිටියා. දැන් මහා ඡන්දෙ ඉවර වෙනකම් අපි එයාව පැත්තකින් තියලා තියනවා.