ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (4) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 9,304ක් ලෙස දැක්විණි.
ඒ අනුව ඉන්දියාවෙන් අද (4) පස්වරු 6 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 216,919ක් විය.
ඉන්දියාවෙන් දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන් 9,000ක් වාර්තා වූ පළම දිනය අද දිනය විය.
මේ වනවිට නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ආසියානු රට බවට පත්ව ඇත්තේ ද අසල්වැසි ඉන්දියාව යි.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 1,04,107ක් වන අතර වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 1,06,737කි.
ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 260ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 6,075ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ එරට වාණිජ අගනගරය පිහිටි මුම්බායි නුවර අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 74,860 දෙනකු හඳුනාගෙන තිබිණි.
දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 25,872 දෙනකු වාර්තා වී තිබිණි. දිල්ලියෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ ගණන 23,645කි.
ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 18,100කි.
එන්.ඩී.ටීවී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රීඩාව කාලය කන ක්‍රීඩාවක්. රටට සෙතක් වෙන්නෙත් නැහැ. මුළු ලෝකයේම ප්‍රසිද්ධත් නැහැ. ලෝකයේම රටවල් 15ක් විතර තමයි ඔය ක්‍රීඩාව කරන්නේ. තවමත් සුද්දන්ට ගැති රටවල් තමයි ක්‍රිකට් කරන්නේ. අනික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ උජාරුව...? මොන මගුලකටද රටේ හැමතැනම ක්‍රිකට් පිට්ටනි හදන්නේ...? ඔය පිට්ටනිවල මයියොක්කා වැවුවා නම් හොඳ අදායමක් ගන්න තිබුණා.