IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘ඇමෙරිකාවේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හෙළා දකිනවා’

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ‘‘ව්‍යුහාත්මක වර්ගවාදය’’ සහ ‘‘අන් කිසිදු දිනෙක සිදු නොවූ අයුරින් මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර’’ නිර්දය ලෙස හෙළා දකින් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ප්‍රකාශ කළාය.
 
පෙර කිසිදු දිනෙක අත් නොවිඳි අයුරින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වන බව ද ඇය පෙන්වාදුන්නාය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය රටක් ලෙස ඉදිරියට යා යුතු නම් නගර සිය ගණනක පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ හදවත්වලටත් ඔවුන්ගේ දුක් ගැනවිලිවලටත් සවන් දෙමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු බව මහ කොමසාරිස්වරිය කීවාය.
 
‘‘නිරායුධ අප්‍රිකානු ඇමෙරිකානුවන් ඝාතනය කිරීම අවසන් කරන්නැයි ඔවුන් ඉල්ලනවා’’ යැයි සඳහන් කළ මහ කොමසාරිස්වරිය ඊට සවන් දිය යුතු යැයි ද සඳහන් කළාය.
 
චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වන මිචෙල් 
 
බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් එම කරුණු සඳහන් කළාය.
 
රට මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පැහැදිලි සහ අර්ථවත් නායකත්වයක් අවශ්‍ය බව ද මහ කොමසාරිස්වරිය අවධාරණය කළාය.
 
‘‘විශේෂයෙන්ම මේ වගේ අර්බුදකාරී අවස්ථාවලදී රටක නායකයන් කිසිදු බෙදීමකින් තොරව එකමුතුව වර්ගවාදය හෙළාදැකිය යුතුයි. ජනතාව ඉවසීමේ සීමා නැති ගිය අවස්ථාවකදී නායකයන් වගකීමෙන් වැඩ කරන්න අවශ්‍යයි. ජනතාවට සවන් දිය යුතුයි. අර්බුදවලින් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. ඒ වගේම සියලු දෙනාට සමානව සලකන සාධාරණ සහ සමානත්වය සුරක්ෂිත වන අයුරින් තීන්දු තීරණ සහ ක්‍රියාමාර්ග ගත යුතු’’ යැයි මහ කොමසාරිස්වරිය සඳහන් කළාය.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (5)

‘ඇමෙරිකාවේ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය හෙළා දකිනවා’

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 12:21 PM

කිසියම් නායකයෙකු තම අණසකට රටවැසියා ආරක්ෂක හමුදා මාර්ගයෙන් පාලනයකට යටත්කොට පාලනය කිරීමට සිතන්නේ නම්,... එවැනි පාලකයින්ට මේ අවස්ථාව කදිම අවවාදයකි...

:       333       920

විජිත් Thursday, 04 June 2020 12:40 PM

සමිත, ඔබ ඉතාම කෙටියෙන්, එහෙත් කිවයුතු සියලුදේම කියලා තියෙනවා. මිනිස්සුන් තමන්ගේ හදවත්වලට කන් තියලා ඇහුවොත්.. ඇහේවි ඒ අතීතයේ දුක්බර විලාපයන් ...

:       10       132

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 04 June 2020 01:22 PM

විජිත්, වචන කිහිපයකින් ව්‍යංගාර්ථයෙන් කෙටියෙන් කෙරෙන යථාර්ථය ක්ෂණයකින් තම හදවතට සන්නිවේදනය කළහැකි ඔබ වැන්නන් ඇසීම දැකීම ඉමහත් වාසනාවකි...!

:       27       74

සමන්Friday, 05 June 2020 03:24 AM

හමුදාව විසින් පාලනය කිරීම හා හමුදා විනය සහිත නායකයින් කරන පාලනය අතර සංවර්ධනාත්මක වෙනසක් ඇත. උදා:පුටින්, මාඕසේතුං, අයිසන් හවර්, කස්ත්‍රො, ගෝඨාභය.

:       261       307

chamFriday, 05 June 2020 04:07 AM

සහතික ඇත්ත. 2010 ෆොන්සේකා රජ කළානම්.....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site