IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හෙට ඡායා චන්ද්‍රග්‍රහණයක්

(ඩයනා උදයංගනී)

 පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (5) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය වන මෙය හෙට (5) රාත්‍රී 11.15 ට ආරම්භ වී අනිද්දා (6) අලුයම 2.34 ට අවසන් වන බව මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

මෙම චන්ද්‍රග්‍රහණය ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

සූර්‍යයා, ප්‍ෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛාවක නොපිහිටා අසම්පූර්ණ ලෙස පෙළගැසී ඇතිවිට ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවන බවද මහාචාර්‍යවරයා කීවේය.

 පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණයක දී මෙන් ඡායා චන්ද්‍රග්‍රහණයක දී සඳ සෙවණැල්ලකින් වැසී නොයන නිසා මෙය පියවි ඇසින් හඳුනාගැනීම අසීරු බවද චන්දන ජයරත්න මහතා පැවසීය. 

නමුත් මෙහිදී සඳේ දීප්තිය අඩු වන බවද හෙතෙම සඳහන් කළේය.මෙම ඡායා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඉන්දීය, පැසිෆික්, අත්ලාන්තික් සාගර හා ඇන්ටාක්ටිකාව ආදී ප්‍රදේශයන්හි රටවලට ද දිස්වන බව මහාචාර්‍යවරයා කීවේය.
 
මෙම වසරේදී ග්‍රහණ 6 ක් සිදුවන අතර ඡායා  චන්ද්‍රග්‍රහණය හතරක්, වළයාකාර සූර්‍යග්‍රහණයක් හා පූර්ණ සූර්‍යග්‍රහණයක් එයට ඇතුළත් බව ඔහු පැවසීය.

මින් මෙම මස 21 වැනිදා සිදුවන වළයාකාර සූර්‍යග්‍රහණයද ශ්‍රී ලංකාවාසීන්ට පැහැදිලිව දිස්වන බව මහාචාර්‍යවරයා සඳහන් කළේය.
 



අදහස් (4)

හෙට ඡායා චන්ද්‍රග්‍රහණයක්

පූජා Thursday, 04 June 2020 02:11 PM

චන්ද්‍රයාට ,ග්‍රහයෙක් කියනවා ,සැටලයිට් එකක් කියනවා.. ඒ මොනවා වුණත් මෙම චන්ද්‍රග්‍රහණය ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණයක්ලු ... වචන ටිකක් අමුතු උනත් , අමුතුම අලංකාරයක් ගැබ්වෙලා තියෙනවා... පුර්ණ චන්ද්‍රයාව දකින ,රසවතෙකුට , මොන තරම් කවි, සිංදු වල රසවත් පදවැල් සිතට නගිනවා ඇතිද? හද කිතිකවන, සිත මෝහනය කරන රසවත් ගීතයන් කීයක් නම් ලියවිලා ඇද්ද.? අපිත් ඒවා අසා කෙතරම් ප්‍රීති ප්‍රමොදයකට පත් වෙලා තියෙනවාද?

:       2       44

පූජා Friday, 05 June 2020 08:26 AM

අද පොසොන් පෝය දිනයයි.... ගෙවල් ඇතුලේ හිටියත් , චන්ද්‍රයව බලන්න බැරි කමක් නැහැනේ. හැම කෙනාම දේශපාලනයක් පස්සේ යනවා... චන්ද්‍රයාව බලන්න කව්රුවත් නැහැ.

:       0       25

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 June 2020 06:32 AM

ඇත්තමයි පූජා, සඳ ගැන කොපමණ ගීත කවි ලියවෙලා ඇතිද නේද ? " සඳ තාරකා හඬාවී .. (ප්‍රියා), සඳේ ..ඔබ ඇයිද මේ යාමේ .. අහස කරා නැඟුණේ ... ( රූ කාන්ත), සඳයි තරුයි නිසංසලේ අහසේ තනිවෙලා ..ඔබයි මමයි නිසංසලේ දෙතැන තනි වෙලා ..(සෝමසිරි මැදගෙදර), සඳට අහස අදරේදෝ ..(වික්ටර්,සුජාතා), සඳ හොරෙන් හොරෙන් එබී බලා ... (අමරදේව) ආදී වශයෙන් මේ මොහොතේ අමතක,එහෙත් සිතේ ලියැවී තිබෙන ගී කොපමණ තිබෙනවා ඇතිද ? මේ ගීත ටික මතක්වීමම මොනතරම් ආශ්වාදජනක ද ?

:       0       16

පූජා Saturday, 06 June 2020 07:53 AM

ඇත්තමයි සමිත මයා , මර්වින් පෙරේරා මහතා ගයන "සඳ මිදිලට එනවා " කියන ගීතය , විශාරද අමරදේව මහත්මයා ගායනා කරන " සඳ හොරෙන් ,හොරෙන් අපේ මියුරු පෙම් කතාවන් අසා සිටිනවා " කියන ගීතය ,තව කී නොකී ගීතයන් කොපමණද ? අප ඒවා අසා මුසපත් උනේ නැද්ද ? විජිත් ,මේ ගැන නිහඬ වීම ගැන කණගාටු වෙමි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site