(ඩයනා උදයංගනී)
පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (5) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය වන මෙය හෙට (5) රාත්‍රී 11.15 ට ආරම්භ වී අනිද්දා (6) අලුයම 2.34 ට අවසන් වන බව මහාචාර්‍ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
මෙම චන්ද්‍රග්‍රහණය ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස හඳුන්වන බවද ඔහු ප්‍රකාශ කළේය.
සූර්‍යයා, ප්‍ෘථිවිය සහ චන්ද්‍රයා එක එල්ලේ සරළ රේඛාවක නොපිහිටා අසම්පූර්ණ ලෙස පෙළගැසී ඇතිවිට ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවන බවද මහාචාර්‍යවරයා කීවේය.
පූර්ණ හෝ අර්ධ චන්ද්‍රග්‍රහණයක දී මෙන් ඡායා චන්ද්‍රග්‍රහණයක දී සඳ සෙවණැල්ලකින් වැසී නොයන නිසා මෙය පියවි ඇසින් හඳුනාගැනීම අසීරු බවද චන්දන ජයරත්න මහතා පැවසීය.
නමුත් මෙහිදී සඳේ දීප්තිය අඩු වන බවද හෙතෙම සඳහන් කළේය.මෙම ඡායා චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඉන්දීය, පැසිෆික්, අත්ලාන්තික් සාගර හා ඇන්ටාක්ටිකාව ආදී ප්‍රදේශයන්හි රටවලට ද දිස්වන බව මහාචාර්‍යවරයා කීවේය.
මෙම වසරේදී ග්‍රහණ 6 ක් සිදුවන අතර ඡායා චන්ද්‍රග්‍රහණය හතරක්, වළයාකාර සූර්‍යග්‍රහණයක් හා පූර්ණ සූර්‍යග්‍රහණයක් එයට ඇතුළත් බව ඔහු පැවසීය.
මින් මෙම මස 21 වැනිදා සිදුවන වළයාකාර සූර්‍යග්‍රහණයද ශ්‍රී ලංකාවාසීන්ට පැහැදිලිව දිස්වන බව මහාචාර්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රයාට ,ග්‍රහයෙක් කියනවා ,සැටලයිට් එකක් කියනවා.. ඒ මොනවා වුණත් මෙම චන්ද්‍රග්‍රහණය ස්ට්‍රෝබෙරි ඡායා චන්ද්‍රග්‍රහණයක්ලු ... වචන ටිකක් අමුතු උනත් , අමුතුම අලංකාරයක් ගැබ්වෙලා තියෙනවා... පුර්ණ චන්ද්‍රයාව දකින ,රසවතෙකුට , මොන තරම් කවි, සිංදු වල රසවත් පදවැල් සිතට නගිනවා ඇතිද? හද කිතිකවන, සිත මෝහනය කරන රසවත් ගීතයන් කීයක් නම් ලියවිලා ඇද්ද.? අපිත් ඒවා අසා කෙතරම් ප්‍රීති ප්‍රමොදයකට පත් වෙලා තියෙනවාද?
ඇත්තමයි සමිත මයා , මර්වින් පෙරේරා මහතා ගයන "සඳ මිදිලට එනවා " කියන ගීතය , විශාරද අමරදේව මහත්මයා ගායනා කරන " සඳ හොරෙන් ,හොරෙන් අපේ මියුරු පෙම් කතාවන් අසා සිටිනවා " කියන ගීතය ,තව කී නොකී ගීතයන් කොපමණද ? අප ඒවා අසා මුසපත් උනේ නැද්ද ? විජිත් ,මේ ගැන නිහඬ වීම ගැන කණගාටු වෙමි.