( පුෂ්පකුමාර ජයරත්න )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ලිපි ශීර්ෂය සහ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පුද්ගලයකු අද (4) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කර ඇත .
සැකකරු කුරුණෑගල යන්තම්පලාව සුන්දරාපොළ පදිංචි 38 හැවිරිදි අයෙකි .
රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී වැඩ තහනමකට ලක්ව ඇති මොහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ඔහුගේ රැකියාව සමග හිඟ වැටුප් නැවත ලබා දෙන ලෙස දන්වමින් ජනාධිපතිවරයාගේ අත්සන සහිතව එම බැංකුවේ සභාපතිවරයාට ලිපියක් යැවීම සම්බන්ධයෙන් මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මෝඩ වැඩ කරනකොට මෙයාට නිකමටවත් කල්පනාවුනේ නැද්ද? තමන්ට ව්‍යාජ ලියවිලි චෝදනාව ආවොත් මොකද වෙන්නෙ කියල...
මෙවන් වංචාකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබාදිය යුතුයි..
වෙලාවට මෙයාට වලිගය නොතිබුනේ. තිබුනානම් හොරු මරාගෙන කනවා ගවයෙකු කියලා. රාජ්‍ය බැංකුවේ සභාපති ජනාධිපති ගැන නොදන්නා කෙනෙකු වෙන්නේ කොහොමද ?