IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක්

පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන අද (5) පස්වරු 3.30න් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 4,896ක් ලෙස දැක්විණි.

පාකිස්තානයෙන් කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවා වාර්තා වූ තෙවැනි දවස මෙය වූ අතර මේ වනවිට එරටින් අඛණ්ඩව දින තුනක් කොරෝනා ආසාදිතයන් 4,000 ඉක්මවා වාර්තා වී ඇත. පාකිස්තානයෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 82ක් වාර්තා විය.
 
ඒ අනුව පාකිස්තානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 89,249ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,838ක් ලෙස දැක්විණි.
 
මේ සතියේ මේ දක්වා කාලයේදී පාකිස්තානයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන 19,753ක් වන අතර එය සියයට 22ක වැඩි වීමකි.
 
දකුණු ආසියානු කලාපයෙන් දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ පාකිස්තානයෙනි. ලොව 17 වැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ද පාකිස්තානයයි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු මෙන්ම ආසියානු රට බවට පත්ව ඇත්තේ ඉන්දියාව යි.

බංග්ලාදේශයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 60,391 දෙනකු ද ඇෆ්ගනිස්තානයෙන් 18,969 දෙනකු ද වාර්තා වී තිබිණි.
 
අල්ජසීරා/ හින්දු

(055)

 



අදහස් (0)

පාකිස්තානයෙන් දින පහට කොරෝනා ආසාදිතයන් 19,753ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site