( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා අද (5) වැඩ බාර ගත්තේය .
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයෙන් ඔහු තාවකාලිකව රාජකාරි ආවරණය කිරීම සඳහා එම තනතුරේ වැඩ බාරගෙන ඇත .
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටින වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තාවකාලික අනුයුක්තය පිළි නොගෙන එම තනතුරේ රැඳී සිටියදීම එම තනතුරේ රාජකාරි කටයුතු ආවරණය සඳහා තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු මෙසේ පත් කිරීම විශේෂත්වයකි .
තාවකාලිකව නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමත් සමගම වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට විරෝධය පළ කරමින් රෝහලේ සුළු සේවක කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු එක්ව රෝහලේ වහළ මතට නැඟ දින පහක සිටි පවත්වාගෙන ගිය විරෝධතාවයද අද දින අවසන් කළහ .
වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අද දිනයේ රෝහලට වාර්තා කර නොතිබූ අතර නව අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි බාරගත් වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් ඔහු තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බවත් එතෙක් මාසයක පමණ කාලයකට එම තනතුර සඳහා තමන් පත්කර ඇති බවත්ය .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කුරුණෑගල රෝහලට නව වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
සේන Friday, 05 June 2020 11:33 AM
අමුතු දෙයක් සිදුු වෙනවා වගේ. සාෆි හිටපු රෝහලට... බලමු බලමුු...
රවින් Friday, 05 June 2020 12:27 PM
හා හා... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටලු. ආණ්ඩුරකාරයා? පරණ චූදිත දොස්තර..? නව අධ්‍යක්ෂක? කොහොමද ගේම? ඇදපන්කෝ දාම්...
Raveendra Friday, 05 June 2020 01:27 PM
හිටපු වැඩ තහනමට ලක්වුණු වල් ඌරට ඥාති කම් තියේද දන්නේ නැහැ. කොහොම වුණත් සේරම යට යයිද? නැතහොත් සියලුම වැරදිවලින් නිදොස් කොට නිදහස් කරන ලදී යන්න අනාගතයේදී දකින්න ලැබෙයිද අපට... එහෙම නේද?
chandima Friday, 05 June 2020 01:38 PM
සෆිගේ අවතාරෙද?