ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ.
අමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධි චෝදනා ගොනුකර ඇති අතර සෙසු නිලධාරීන් තිදෙනාට ඊට ආධාර අනුබල දීම යටතේයි චෝදනා ගොනුකර ඇත.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ විරෝධතා පැවැත්වෙන්නේ පනවා ඇති ඇඳිරි නීතිය ද නොතකමින් වීම විශේෂත්වයකි .
කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ, දෛවෝපගත ලෙස ජනපති මන්දිරයට පිවිසි එරට පළමු කළු ජනාධිපතිවරයා වන බරක් ඔබාමා ඊයේ විරෝධතාකරුවන් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළා.
කොවිඩ් ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදී ද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතියි.
මේ අතර අමෙරිකානු කළු ජාතිකයා ඝාතනයට ලක්වීමේ සිදුවීම පාදක කරගෙන මේ වනවිට වර්ණභේදවාදයට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා ක්‍රියාත්මකයි.
( ගාඩියන් ඇසුරෙනි )
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුම ඇඟලාගත් පොලිසිය හෝ සන්නද්ධ හමුදා භටයෙකු හෝ නිලධාරියෙකු තම බලයෙන් උඩඟු වී කටයුතු කරන්නේ නම්, කිසියම් දිනෙක ඔහුටද මෙවන් දඬුවමකට මුහුණ දීමට සිදුවිය හැකිය...
සැබෑ වීරයන් බිහිවෙන්නේ කියා කියා නොවෙයි.. හදිසියේම. ඇත්තම කිවොත් වීරයා දන්නෙත් නැහැ ඔහු ' වීරයෙක්' ද කියලා. 'ෆේක්' වීරයන්.. එහෙමත් නැතිනම් ' ඩුප්ලිකේට් ' වීරයන් .. තමන් වීරයන් ලෙස තමන්ම හඳුන්වා ගනිද්දී.. සැබෑ වීරයන් සිටින්නේ පස් කඳු යටයි. සමහරවිට අහසට මුසුවුන දුම් වලා අතරයි. මේ අපි කතාකරන ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන සමහර විට දැනගෙන හිටියේ එයාගේ නෑදෑ හිතමිතුරන් පමණක් වුනාට අද වෙනකොට මුළු ලෝකයම දන්නවා. කෘර පොලිස් නිලධාරියෙක් ඔහුගේ ගෙල පාගාගෙන සිටිද්දී ..ඔහු ඉතාම අපහසුවෙන් ..අමාරුවෙන්, කොඳුරපු." I can't breathe .." යන වචන අද අප හැමෝගෙම දෙසවන් වලට යවුලකින් අනින්නාක් මෙන් වේදනා දෙනවා. මියයන්නට මොහොතකට පෙර ව්‍යාජ ඩොලර් 20 නෝට්ටුවක ප්‍රශ්නයකට අපරාධ කාරයෙක් ලෙස චෝදනා ලබපු ඔහු ..මියගොස් මොහොතකින් " වීරයෙක් "වුනා.සංවේදී මිනිසුන්, ජාති , ආගම් ,හමේ පැහැය ..ආදී නිස්සාර භේදයන් නොසලකා ඔහුවෙනුවෙන් නැගිසිටියා.ඒ මහජන පිබිදීමට හැකිවුනා ලෝකෙටම ලොක්කා කියන රටේ ජනාධිපති භූගත බංකරයක සඟවන්නට. මනුෂ්‍ය ජිවිතයක වටිනාකම . ජාතිය, ආගම, වත්පොහොසත්කම, දේශපාලන මතය. වැනි දේ මත රඳා නොපවතිනබව ඔහු ලොවට පෙන්වූවා. ඇත්තටම ඔහු යුගයේ වීරයෙක්....
මමත් ජාතිවාදයට වර්ණ භේද වාදයට විරුද්ධයි. නමුත් අත්දැකීමෙන් දන්න දෙයක් නම් කිවයුතුයි. ලෝකයේ කොහෙත් කලු මිනිස්සු ටිකක් දරුණුයි.
නඩු කතා කරල තීන්දුව ලැබී විදුලි පුටුවට යන්ඩ කලියෙන් මේකුන් කොරෝනා හැදිල මැරෙන්න ඉඩ තියෙනවා.... මොකද, ජෝර්ජ් ලොයිඩ්ටත් කොරෝනා තිබුණලු නේ?
මොන්ගොලියානුවනි කහවන් ආසියාවේ.. කොකෙසියානුවනේ සුදුවන් යුරෝ දේසේ නීග්රොවරුනි කළුවන් අප්‍රිකාවේ.. උරය පලා සැතකින් බලන් රුහිරු එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු.