( දිල්රුක්ෂි ග්‍රේරු)
පාතාල සාමාජිකයකු හා සම්බන්ධ වෙමින් හොරොයින් ජාවාරම් කළ රත්මලාන ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරීන් සමත්ව තිබේ.
හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ දුරකතන හරහා සම්බන්ධ වෙමින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇතැයි පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
වෙනත් ජාවාරම් සඳහා ඇය සම්බන්ධදැයි පරීක්ෂණ පවත්වන බවද පොලීසිය කියයි.
කාන්තාව අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
රත්මලාන,ධර්මාරාම පාර පදිංචි ලියනගේ ජයමිණි මල්කාන්ති ප්‍රනාන්දු නැමති කාන්තාවක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙ පුවත කවුරුහරි සල්ලි දීලා ගත්තද?