IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සෙනට් සභිකයෝ දණ ගසති

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී අමානුෂික අයුරින් ඝාතනයට ලක්වූ නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ගෞරව කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ සෙනට් සභිකයෝ පිරිසක් වොෂින්ටන් අගනුවරදී ඉකුත් දා මිනිත්තු කිහිපයක් දණ ගසා සිටියහ.

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් හි සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ මැයි 25 වැනිදා ය.

ඔහුට ගෞරව කිරීම සඳහා මෙලෙස දණ ගසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුව එනම් එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයන් කිහිපදෙනකි. ඔවුහු නිහඬව මිනිත්තු 8කුත් තත්ත්පර 46ක් දණ ගසා සිටියහ.

මිනියැපොලිස් හි පොලිස් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ බෙල්ල මත ඔහුගේ දණහිස තබා තද කරමින් සිටි කාලයද මිනිත්තු 8කුත් තත්ත්පර 46කි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ ‘එමැන්සිපේෂන්’ ශාලාවේදී ඔවුහු එලෙස දණ ගසා සිටියහ.

සෙනට් සභාවේ සෙනට් දේවගැති බැරි බ්ලැක් ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ගෞරව දැක්වීම ආරම්භ කළ අතර ඊට ඇමෙරිකානු කොංග්‍රසයේ දීර්ඝතම කාලයක් සිටි කළු ජාතික සෙනට් සභිකයා වන කෝරි බූකර්, සෙනට් සභික කමලා ඩී හැරිස් යන අය ද එක්වූහ. ඔවුන්ට අමතරව සෙනට් සභාවේ තවත් ඩිමොක්‍රටික්වරු පිරිසක් ද එමම අවස්ථාවට එක්ව සිටියහ.

‘‘ඕනෑම තැනක සිදුවන අසාධාරණය ඕනෑම තැනක තිබෙන සාධාරණයට තර්ජනයක්’’ යැයි ජෝර්ජ් ෆ්ලොයිඩ්ට ගෞරව දැක්වීමේ අවස්ථාව ආරම්භ කරමින් සිය යාඥාව ආරම්භයේදී සෙනට් දේවගැති බැරි බ්ලැක් පැවැසීය.

‘ද වොෂින්ටන් පෝස්ට්’

ඡායාරූප – ගෙටී/බ්ලූම්බර්ග්

055



අදහස් (0)

සෙනට් සභිකයෝ දණ ගසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site