IMG-LOGO

කොරෝනා බ්‍රසීලයේ ආදිවාසීන් අතරත් වේගයෙන් ව්‍යාප්ත වෙයි

කොරෝනා වයිරසය බ්‍රසීලයේ ආදිවාසීන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙළවී තිබේ.

පසුගිය මාසය තුළ ආදිවාසීන් අතර, රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව පස්ගුණයකින් වැඩිවී තිබෙන බව ඒහිදී සොයාගෙන ඇත.

බ්‍රසීලයේ ගෝත්‍රික ජන කණ්ඩායම් 305ක් පමණ පවතින අතර ඔවුන් අතරින් 182 දෙනකු කොරෝනා හේතුවෙන් මේ වනවිට මියගොස් තිබේ.

බොහෝ වසංගත රෝග විද්‍යඥයින් විශ්වාස කළේ ගෝත්‍රිකයින් දුරස්ථ ප්‍රදේශ වල වෙසෙන බැවින් වයිරසයෙන් ආරක්ෂා වෙනු ඇති බවයි.

නමුත් බ්‍රසීලයේ සාවෝ පෝලෝ සහ රියෝ ද ජනයිරෝ නගර වල දැඩි ලෙස ව්‍යාප්ත වූ වයිරසය සෞඛ්‍ය සේවා අඩාලව පවතින ග්‍රාමීය පෙදෙස් වල වේගයෙන් පැතිරෙන්නට විය.

බොහෝ ආදිවාසී ප්‍රජාවන් වසූරිය, මැලේරියාව, සරම්ප හා ඉන්ෆ්ලුවෙන්සාව වැනි වසංගත රෝග හේතුවෙන් විනාශ වූ බවත් දැන් කොවිඩ් - 19 වසංගතය ඔවුන් කරා පැමිණ ඇති බවත් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

බ්‍රසීලයේ ගිණිකොන දිග පැරී හි සෝරෝ ගෝත්‍රික ගම්මානයේ මිනිසුන් පවසන්නේ ගැමියන් බෝහෝ දෙනකු රෝගාතුරව සිටින නමුත් කොවිඩ් - 19 පරීක්ෂණ රජය මගින් සිදුනොකරන බවයි.

ආදිවාසීන්ට සේවය කරන වෛද්‍ය ඒරික් ජෙනිංස් පැවසූයේ පරීක්ෂණ හිඟකම හේතුවෙන් සත්‍ය තත්ත්වය දැනගත නොහැකි වන බවයි.

ලොව දෙවැනියට ආසාදිතයින් සිටින බ්‍රසීලයට මියගිය ආදිවාසීන්ගේ ගණන කුඩාවට පෙනුනත් අවදානමට ලක්වූ ප්‍රජාවක් සම්බන්දයෙන් ඒය බරපතල කාරණාවක් බවද ඔහු පවසයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

කොරෝනා බ්‍රසීලයේ ආදිවාසීන් අතරත් වේගයෙන් ව්‍යාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 405 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site