කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැසුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කිරීමට එරට පාලක රජය පියවර ගෙන ඇත.
ලොව පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතයෙන් මැදපෙරදිග කලාපයටත් දැඩි බලපෑම් එල්ල වුණි.ඒ අතරට එක්සත් අරාබි එමීරයේ ඩුබායි රාජ්‍යයත් අයත් වේ.
කෙසේ වෙතත් වසංගත ව්‍යාප්තිය හමුවේ පැනවූ දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට ඩුබායි බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඇතැම් වෙරළ තීර ජනතාවට විවෘත කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.එය ඩුබායි වැසියන්ගේ ඉමහත් සතුටට හේතුවී ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර හා සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස ඩුබායි නගරය සැලකේ.කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු එහි මහජන උද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගැනුණේ ඉකුත් මැයි 13 වැනිදා සිටය.
එමෙන්ම හෝටල්වලට පැමිණෙන අමුත්තන්ට පුද්ගලික හිමිකාරීත්වය සහිත වෙරළ තීර වෙත පිවිසීමටත් අවසර හිමිවුණි.
මේ අතර සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.ඒ අනුව නිවසින් බැහැරට යාමේදී මුව ආවරණ පැළඳීමට පියවර නොගන්නේනම් ඔවුන්ට ඩිරාම් 3,000 ක් දක්වා වූ දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇත.
කලීජ් ටයිම්ස් ඇසුරෙනි
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටත්, ජනතාවටත් අැත්තටම අාදරය කරන පාලකයො ඉන්න රටක්... අපේ වගේ ටීවි එකේදියි, වේදිකාවේදියි විතරක් ජනතාවට අන්දන පාලකයෝ නොවේ.. ඔවුන් එ් වගේම බොරු ෂෝ නැහැ..