සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් පසුගිය සතියේදී ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ව්‍යාප්ත වී ඇති අතර නගර 150කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත. සාමකාමීව ආරම්භ වූ විරෝධතා ආරක්ෂක අංශවල මැදිහත් වීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. කෙසේ නමුත් බදාදා දිනයේදී, විශේෂයෙන්ම බදාදා රාත්‍රියේත් විරෝධතා පැවැත්වුණු අතර පෙර දිනවලට සාපේක්ෂව එම විරෝධතා සාමකාමීව පැවැත්විණි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා රැල්ලක් බවට පත්ව ඇත. එම විරෝධතා මේ වනවිට ලොවපුරා ප්‍රධාන නගරවලටත් පැතිර ගොස් තිබේ.
නමවැනි දිනටත් පැවැති විරෝධතා අවසන් වෙද්දි දසදහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතා පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබුණද ඒවා නොතකමින් රට පුරා විරෝධතා පැවැත්වේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ මැයි 25 වැනිදා ය. ඔහුගේ මරණයෙන් පසු අත්අඩංගුවට පත් 3,000කට වැඩි පිරිසකට උපකාර කිරීම සඳහා ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් රැස් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ වනවිට ඊට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවූ මුදලක් ලැබී ඇත.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරපු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරන් නඩු දාල තියනවා. දැන් සිදුවන්නේ ඔහු වෙනුවෙන් කරන සටනක් නොවේ. එහෙනම් ඔහු වෙනුවෙන්ද මේ සුදු ජාතිකයන්ගේ කඩ සාප්පු කොල්ල කන්නේ? වාහන ගිනි තියන්නේ , සුදු ජාතිකයන් දුටු තැන පහර දෙන්නේ? මෙතන වෙන්නේ වෙන දෙයක්. එළඹෙන ජනපතිවරණයේදී ට්‍රම්ප්ව වට්ටන්න විරුද්ධ පාර්ශවිකයෝ ඇන්ටිෆා නම් වූ කල්ලිය මගින් මෙහෙයවන දේශපාලන කැරැල්ලක් මේක. ඔවුන් විසින් කළ වෙඩි තැබීම් වලින් පොලිස් නිලධාරියෙක් මියගියා. තව නිලධාරියෙක් දැඩි සත්කාර ඒකකයේ.
ලංකාවේ දේශපානය ගැන කලුජූලිය ගැන ඇමරිකාවට ගිහින් ලියපු අපේ රටෙ බුද්ධිමත් පකීර්ලා කෝ දැන් ?
පෙනෙන විදිහට ලොක්කට ගෙදරට යන පාර හදාගත්තොත් හොඳයි වගේ...
අද අපේ රටට ආපු ඇමෙරිකන් කාරයෙක් ප්‍රතික්ෂේප කලාලු එයාව pcr පරීක්ෂණයට ලක්කරනවට. අපේ ගිවිසුම් අනුව ඒවා එහෙම තමයි කියලා එම්බසිය කීවාලු. ටිකක් පරිස්සමෙන්....මෙරටේ හොර තක්කඩි දේශපාලුවන් mcc ඇතුළු ගිවිසුම් 3 ම අත්සන් කරලානම් ..මේ අයවත් ඒ අයගේ පවුල්වල ගෑවුන ගෑවුන ඔක්කොම බලන්න ඕනේ. අපි ඔක්කොම ගරිල්ලා යුද්ධයකට තල්ලු වේවි. දවසකට එක ඇමෙරිකන් කාරයෙක් ගානේ මරනවා. අවුරුද්දකට 365 ක්...මුළු රටම ලේ විලක් වෙනවා....!!! සජිත් වහාම මේ ගැන ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕනෑ.
කැරලි කෝලාහල ආදිය හොඳ දේවල් නොවෙයි. ඒත්, අසරණ මිනිසෙකු පොලිස් නිලධාරියාගේ සපත්තුවට ගෙල සිරවී මියගිය දුක්මුසු ඛේදවාචකයේදී හදවත් ඇති බොහෝ මිනිසුන් පාලනය කළ නොහැකි වෙනවා. එය තමයි ස්වාභාවය. ඒත්, මේ අත්අඩංගුවට පත්වූවන් එසේ වූයේ හුදෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයකට නොව පරාර්ථය පිණිසමයි...
මේ අත්අඩංගුවේ පසුවන සැමෝම විරෝධතාකරුවන් නොවෙයි. අර කලෙක අපේ රටේ උන්න වගේ ජාත්‍යාල කාරයොත් මේ මැදට පැනල ඉන්නවා. ඒ වගේම මධ්‍යම අමෙරිකාවෙන් පවත එන කල්ලි කිහිපයකුත් මේ අතරටම ක්‍රියාත්මක වී දේපල අලාභ හානි කිරීම් වල යෙදෙනවා. අත්අඩංගුවේ පසුවන්නන් සමහරක් ඒ පිරිසට අයත් මංකොල්ල කරුවන්. පොලිසියටත් සාමකාමී උද්ඝෝෂණ කරුවන් සහ මේ මංකොල්ල කරුවන් වෙන්කරගැනීම අපහසු වී තිබෙනවා. නමුත් ලොව ඉතාම සුක්ෂම CCTV පද්ධතියක් ඇති වොෂින්ටන් ඩී සි අගනුවර එම කාමර උපයෝගිකරගෙන මංකොල්ලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඒ අතරම මංකොල්ල ක ස්මාට් දුරකථන ඇපල් පරිගණක ආදිය අන්තර් ජාලයට සම්බන්ධකොට පාවිච්චි කිරීමට ගොස් අසුවුවනුත් සිටිනවා. නවීන ඉලෙක්ට්‍රොනික් උපකරණවල ඒවා පාවිච්චි කරන ස්ථානය දුර සිට අධීක්ෂණය කිරීමේ මෘදුකාංග ඇතිබව ලොව බොහෝ දෙන තවමත් දන්නේ නැහැ.
ඇමරිකාවෙ, පොලිසියෙ ඉන්නෙත් හිතන්නෙ බලන්නෙ නැතිව හැගීම් වලට වැඩ කරන පොලිස්කාරයොද කියල හිතෙනවා.
අපේ නගරයේ පෙළපාලි තිබුනට ප්‍රචණ්ඩ ක්‍රියා තිබුනෙ නැහැ. අත්අඩංගුවේ පසුවන අය ප්‍රචණ්ඩකාරී ක්‍රියාකළ අයයි. ලංකාවේ වුනත් ඇඳිරිනීතිය කඩ කල අයට කිසිම සමාවක් නැහැ නේද?
ට්‍රම්පට් ලොක්කාට මම මෙසේ කීමට කැමැත්තෙමු . රතු හැට්ටකාරයන්ගේ ගබන් ලොක්කා වන මම කලුකුමාරයා බැවින් වහාම අහිංසක ඇමෙරිකානුවන්ට අත නොතබනු. ( අනේ ඩොනල් අයියේ මම මේ බොරුවට කෑ ගහන්නේ හොඳේ.. එහෙම නොකලොත් ඉතුරුවෙලා ඉන්න මගේ අයත් මාව දාලායනවා යනවාමයි. එහෙම වුණත් මම කොහොමද අයියේ බඩගෝස්තරේ රැකගන්නේ...? ඒ නිසා මම බොරුවට තානාපති කාර්යාලය ඉදිරියට ඇවිත් කෑ ගහන්නේ හොඳේ අයියේ...) වහාම අත්අඩංගුවට ගත් සියල්ලෝම නිදහස් කරව්... අරව කරව්... මේවා කරව්... ඊනියාවාදී පාලකයිනි, වහා නිදහස් කරව් (ට්‍රම්පට් අයියේ ගණන් ගන්න එපා අපි බොරුවට ඈ.....)