සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා අතරවාරයේදී 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව ඇතැයි ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් පසුගිය සතියේදී ආරම්භ වූ විරෝධතා මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට ව්‍යාප්ත වී ඇති අතර නගර 150කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇත. සාමකාමීව ආරම්භ වූ විරෝධතා ආරක්ෂක අංශවල මැදිහත් වීමත් සමඟ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තේය. කෙසේ නමුත් බදාදා දිනයේදී, විශේෂයෙන්ම බදාදා රාත්‍රියේත් විරෝධතා පැවැත්වුණු අතර පෙර දිනවලට සාපේක්ෂව එම විරෝධතා සාමකාමීව පැවැත්විණි.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සාධාරණය ඉල්ලමින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වනවිට පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා රැල්ලක් බවට පත්ව ඇත. එම විරෝධතා මේ වනවිට ලොවපුරා ප්‍රධාන නගරවලටත් පැතිර ගොස් තිබේ.
නමවැනි දිනටත් පැවැති විරෝධතා අවසන් වෙද්දි දසදහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතා පාලනය කිරීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබුණද ඒවා නොතකමින් රට පුරා විරෝධතා පැවැත්වේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වූයේ මැයි 25 වැනිදා ය. ඔහුගේ මරණයෙන් පසු අත්අඩංගුවට පත් 3,000කට වැඩි පිරිසකට උපකාර කිරීම සඳහා ලොස් ඇන්ජලීස් නුවර කේන්ද්‍ර කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් රැස් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ වනවිට ඊට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ඉක්මවූ මුදලක් ලැබී ඇත.
අල්ජසීරා
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමෙරිකාවේ විරෝධතා අතරවාරයේදී 10,000 ක් අත්අඩංගුවට
Asanka Thursday, 04 June 2020 11:42 AM
ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරපු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරන් නඩු දාල තියනවා. දැන් සිදුවන්නේ ඔහු වෙනුවෙන් කරන සටනක් නොවේ. එහෙනම් ඔහු වෙනුවෙන්ද මේ සුදු ජාතිකයන්ගේ කඩ සාප්පු කොල්ල කන්නේ? වාහන ගිනි තියන්නේ , සුදු ජාතිකයන් දුටු තැන පහර දෙන්නේ? මෙතන වෙන්නේ වෙන දෙයක්. එළඹෙන ජනපතිවරණයේදී ට්‍රම්ප්ව වට්ටන්න විරුද්ධ පාර්ශවිකයෝ ඇන්ටිෆා නම් වූ කල්ලිය මගින් මෙහෙයවන දේශපාලන කැරැල්ලක් මේක. ඔවුන් විසින් කළ වෙඩි තැබීම් වලින් පොලිස් නිලධාරියෙක් මියගියා. තව නිලධාරියෙක් දැඩි සත්කාර ඒකකයේ.
kennath (Los Angeles)Thursday, 04 June 2020 08:06 PM
යම් නිවැරදි කිරීමක් අවශ්‍යයි. මෙහිදී සුදු ජාතිකයන්ගේ කඩ කැඩීම හෝ සුදු ජාතිකයන්ට පහරදීමක් වැනි පටු වර්ගවාදී රැල්ලක් නොවෙයි සිදුවන්නේ. කඩ කැඩීමත් මංකොල්ල කෑම අවස්ථාවාදී පටු අරමුණු ඇති පහත් පිරිසකගේ නිර්ලජ්ජිත ක්‍රියාවකි. විරෝධතා සහ මේවා දෙකක්. මේ මංකොල්ල කරුවන් විරෝධතා දක්වන ප්‍රදේශවලට පැමිණ විරෝධතාකරුවන් අතර සිට ඇඳිරි වටෙනවිට කඩ කැඩීම කරන බවක් පෙනේ... මෙහිදී විරෝධතා සඳහා සුදු, කළු, ආසියාතික, දකුණු ඇමරිකානු සියලුම ජනකොටස් සාමුහිකව සහභාගි වෙති. සියල්ලන්ගේම අරගලය සූක්ෂමව යටින් යන කළු ජාතිකයින්ට වන මානසික හා ශාරීරික අකටයුතුකම් සහ පොලිසියේ අමන ප්‍රචණ්ඩත්වය ඇමෙරිකානු සමාජය විසින් පිටුදැකීම වෙනුවෙනි. වසර 12කට පෙර කළු ජාතිකයෙකු ඇමෙරිකාවේ ජනාධිපති කළ ඇමෙරිකානුවන් තම සටනේ දෙවන අදියර වෙත එලඹෙමින් සියල්ලන්ටම සමානව නිර්භයව සිටියහැකි දේශයක් කරා ජන මානසිකත්වය නැඹුරු කරවීමට ගන්න අරගලය පැසසිය යුතුයි.
Ajith NissankaFriday, 05 June 2020 06:55 AM
ට්‍රම්ප් බලයට පත් වුනේ වර්ගවාදය කරපින්නාගෙන ! ඔහුගේ කතාවලට බොහෝ සුදු ජාතිකයින් කැමති උනා ! විශේෂයෙන් ඔහු ගෙනගිය සංක්‍රමිකයින්ට විරුද්ධව ගෙනගිය මැතිවරණ ව්‍යාපාරය බහුතර සුදු ජාතිකයෝ ආකර්ෂණය කළා! හැබැයී ඇමෙරිකා ග්‍රේට් අගේන් කියලා ආපු ට්‍රම්ප් උන්නැහේ ලොකේ ඉස්සරහ බලු වුණා... ! අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ ! මුළු රට පුරාම අවුලුනාට පස්සේ දැන් අත්අඩංගුවට අරගෙන තියනවා ! විරෝධතා ව්‍යාපාර වෙනකොට ඔය වගේ සිදුවීම් වෙනවා ! හපන්කම ඒවා සිදු නොවෙන පරිසරයක් ඇති වන විදියට පාලනය කිරීම ! යුද්ධයක් අවුලලා අනේ මෙච්චර මැරුණා කියලා විලාප දීලා වැඩක් නැහැ! මොකද යුද්දයක වෙන්නේ විනාශය ! ලංකාව ඉන්දියාව වගේ රටවල් වලින් ආපු සමහර කට්ටිය දන්නේ නැහැ සුළු ජාතිකයන්ට තැන ලැබුනේ කළු ජාතිකයන් ජීවිත පරිත්‍යාගයෙන් කරපු අරගලවල ප්‍රතිඵල නිසා කියලා ! සමහරක් හොරෙන් ඇවිල්ලා ඊට පස්සේ බොරු හේතු දාලා දේශපාලන රැකවරණ අරගෙන දැන් රඟපානවා ක්‍රිස්ටෝපර් කොළොම්බස් එක්ක එකට නැවේ ආපු සාමාජිකයන් වගේ...! ආයේ තවත් කෙනකුට එන්න අවස්ථාවක් දෙන්න බොහොම අකමැතියි!
vikum Thursday, 04 June 2020 11:43 AM
ලංකාවේ දේශපානය ගැන කලුජූලිය ගැන ඇමරිකාවට ගිහින් ලියපු අපේ රටෙ බුද්ධිමත් පකීර්ලා කෝ දැන් ?
RaveendraThursday, 04 June 2020 02:33 PM
ඔබගේ පැනය ඉතාම කාලෝචිතයි. එලෙසම අපේ රටේ මෙසේ අත්අඩංගුවට ගත්තොත් අරහිමිකම් මේ හිමිකම් ගැන "මහා හයියෙන් බොරුවට "කෑ ගහන NGO පෙට්ටිකඩකාරයෝ ටික ඔක්කොම අසුචි ගිලපු බුරුවො වගේ ම්ම්.... සද්දයක් නැහැ .. ? කෝ සද්ද "? ඇයි විරෝධතා බෝඩ් ලෑලි එල්ලගෙන ඩොනල් අයියගේ තානාපති කාර්යාලේ ඉස්සරහ ඉන්න බයද? ඩොලර් නැතිවෙයි කියල සැප විදින්න... මේ හැම NGO පෙට්ටි කඩේකම ඉන්නේ ඩොනල් අයියගේ රුකඩනේ..
රවින් Thursday, 04 June 2020 11:53 AM
පෙනෙන විදිහට ලොක්කට ගෙදරට යන පාර හදාගත්තොත් හොඳයි වගේ...
නන්නාදුනන හාදයා Thursday, 04 June 2020 11:57 AM
අද අපේ රටට ආපු ඇමෙරිකන් කාරයෙක් ප්‍රතික්ෂේප කලාලු එයාව pcr පරීක්ෂණයට ලක්කරනවට. අපේ ගිවිසුම් අනුව ඒවා එහෙම තමයි කියලා එම්බසිය කීවාලු. ටිකක් පරිස්සමෙන්....මෙරටේ හොර තක්කඩි දේශපාලුවන් mcc ඇතුළු ගිවිසුම් 3 ම අත්සන් කරලානම් ..මේ අයවත් ඒ අයගේ පවුල්වල ගෑවුන ගෑවුන ඔක්කොම බලන්න ඕනේ. අපි ඔක්කොම ගරිල්ලා යුද්ධයකට තල්ලු වේවි. දවසකට එක ඇමෙරිකන් කාරයෙක් ගානේ මරනවා. අවුරුද්දකට 365 ක්...මුළු රටම ලේ විලක් වෙනවා....!!! සජිත් වහාම මේ ගැන ස්ථිර ප්‍රකාශයක් කරන්න ඕනෑ.
PrabhaThursday, 04 June 2020 12:46 PM
කවුරුහරි ඇහෙන් දැක්ක.. කණෙන් අහපු කෙනෙක් නැද්ද?
karuThursday, 04 June 2020 03:51 PM
මම ඇහුවා අද නිව්ස් ෆස්ට් වල කිව්වා. ඉන්ටර්නෙට් එකෙන් බලන්න .
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 01:38 PM
කැරලි කෝලාහල ආදිය හොඳ දේවල් නොවෙයි. ඒත්, අසරණ මිනිසෙකු පොලිස් නිලධාරියාගේ සපත්තුවට ගෙල සිරවී මියගිය දුක්මුසු ඛේදවාචකයේදී හදවත් ඇති බොහෝ මිනිසුන් පාලනය කළ නොහැකි වෙනවා. එය තමයි ස්වාභාවය. ඒත්, මේ අත්අඩංගුවට පත්වූවන් එසේ වූයේ හුදෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයකට නොව පරාර්ථය පිණිසමයි...
PrabhaThursday, 04 June 2020 03:22 PM
පරාර්ථය පිණිස කඩ කඩලා බඩු කරෙතියන් දුවන පුවත් දැක්කේ නැද්ද?
සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 June 2020 02:34 AM
නිතරම වරදක්ම සොයන්නට එපා. එවන් නොමිනිසුන් ද සිටිනවා.මේ ගෙල සිරකරේ ඔයාගේ හෝ මගේ නම්,අපට දැනෙන වේදනාව ගැන සිතන්න.ප්‍රභා, තව ටිකක් සංවේදීව සිතන ලෙස ඔයාගෙන් කාරුණිකව ඉල්ලනවා.ස්තූතියි.
chandima Thursday, 04 June 2020 04:05 PM
මේ අත්අඩංගුවේ පසුවන සැමෝම විරෝධතාකරුවන් නොවෙයි. අර කලෙක අපේ රටේ උන්න වගේ ජාත්‍යාල කාරයොත් මේ මැදට පැනල ඉන්නවා. ඒ වගේම මධ්‍යම අමෙරිකාවෙන් පවත එන කල්ලි කිහිපයකුත් මේ අතරටම ක්‍රියාත්මක වී දේපල අලාභ හානි කිරීම් වල යෙදෙනවා. අත්අඩංගුවේ පසුවන්නන් සමහරක් ඒ පිරිසට අයත් මංකොල්ල කරුවන්. පොලිසියටත් සාමකාමී උද්ඝෝෂණ කරුවන් සහ මේ මංකොල්ල කරුවන් වෙන්කරගැනීම අපහසු වී තිබෙනවා. නමුත් ලොව ඉතාම සුක්ෂම CCTV පද්ධතියක් ඇති වොෂින්ටන් ඩී සි අගනුවර එම කාමර උපයෝගිකරගෙන මංකොල්ලකරුවන් දිගින් දිගටම අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඒ අතරම මංකොල්ල ක ස්මාට් දුරකථන ඇපල් පරිගණක ආදිය අන්තර් ජාලයට සම්බන්ධකොට පාවිච්චි කිරීමට ගොස් අසුවුවනුත් සිටිනවා. නවීන ඉලෙක්ට්‍රොනික් උපකරණවල ඒවා පාවිච්චි කරන ස්ථානය දුර සිට අධීක්ෂණය කිරීමේ මෘදුකාංග ඇතිබව ලොව බොහෝ දෙන තවමත් දන්නේ නැහැ.
Rohana Thursday, 04 June 2020 04:27 PM
ඇමරිකාවෙ, පොලිසියෙ ඉන්නෙත් හිතන්නෙ බලන්නෙ නැතිව හැගීම් වලට වැඩ කරන පොලිස්කාරයොද කියල හිතෙනවා.
Kumar Thursday, 04 June 2020 05:37 PM
අපේ නගරයේ පෙළපාලි තිබුනට ප්‍රචණ්ඩ ක්‍රියා තිබුනෙ නැහැ. අත්අඩංගුවේ පසුවන අය ප්‍රචණ්ඩකාරී ක්‍රියාකළ අයයි. ලංකාවේ වුනත් ඇඳිරිනීතිය කඩ කල අයට කිසිම සමාවක් නැහැ නේද?
Raveendra Friday, 05 June 2020 06:57 AM
ට්‍රම්පට් ලොක්කාට මම මෙසේ කීමට කැමැත්තෙමු . රතු හැට්ටකාරයන්ගේ ගබන් ලොක්කා වන මම කලුකුමාරයා බැවින් වහාම අහිංසක ඇමෙරිකානුවන්ට අත නොතබනු. ( අනේ ඩොනල් අයියේ මම මේ බොරුවට කෑ ගහන්නේ හොඳේ.. එහෙම නොකලොත් ඉතුරුවෙලා ඉන්න මගේ අයත් මාව දාලායනවා යනවාමයි. එහෙම වුණත් මම කොහොමද අයියේ බඩගෝස්තරේ රැකගන්නේ...? ඒ නිසා මම බොරුවට තානාපති කාර්යාලය ඉදිරියට ඇවිත් කෑ ගහන්නේ හොඳේ අයියේ...) වහාම අත්අඩංගුවට ගත් සියල්ලෝම නිදහස් කරව්... අරව කරව්... මේවා කරව්... ඊනියාවාදී පාලකයිනි, වහා නිදහස් කරව් (ට්‍රම්පට් අයියේ ගණන් ගන්න එපා අපි බොරුවට ඈ.....)