‘කොරෝනාවට මුවා වී ආණ්ඩුව ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා‘ කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරන ක්‍රියාවලිය එක්සත් ජාතික පක්ෂය මෙන්ම සමස්ත ලෝකයම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 12 July 2021
කෝටි 10ක කේරළ ගංජා සමඟ තිදෙනකු අත්අඩංගුවට රුපියල් කෝටි 10 අධික වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රා යාත්‍රාවක් මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් තිදෙනකු සමඟ යාපනය අනලතිව් දූපත් ආසන්නයේ දී අද (12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 12 July 2021
පොදු ස්ථාන-සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ නොපළදින්නන්ට වැඩ වරදී පොදු ස්ථාන, සහ සාප්පු සංකීර්ණ , වෙළෙඳ සැල් තුළදී මුඛ ආවරණ නො පැලඳ සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. 12 July 2021
දිස්ත්‍රික්ක කීපයක ගම් රැසක් හුදකලා කරයි පවතින කොරෝනා තත්වය හේතුවෙන් අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 July 2021
පන්සල් යන්න අවසර ලැබීමෙන් පසු ආගමික ස්ථානවලට පනවා තිබූ සංචාරන සීමා ලිහිල්කිරීමත් සමඟ අනුරාධපුර ශ්‍රී මහා බෝධින්වහන්සේ ප්රමුඛ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනාවට බැතිමත්හු පැමිණෙති. 12 July 2021
හලාවත නගර සභාපති පොලිස් අත්අඩංගුවට හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේදී ඇති වූ සිද්ධියකදී තරණයන්යන් දෙදෙනකු ට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා ඇතුළු තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 July 2021
අද කාලගුණය සබරගමුව, මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 July 2021
නිරෝධායනය කැඩූ 190ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 190 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 12 July 2021
ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම අවස්ථා දෙකකදී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 12 July 2021
වැරදි වැඩක් කළ ජේලර් ගෙදර සලාක භාරගැනීමේ බඳුනක ට දුම්කොළ සහ සුරුට්ටු විස්සක් දමා නීති විරෝධී ලෙස රැඳවියකුට යැවීමට තැත් කළැයි අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි. 12 July 2021
ලාල් කාන්ත අනතුරු ඇඟවයි නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව යන මහත්වරුන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කර නිදහස් නොකළහොත් ඉදිරියේදී මෙරට වෘත්තීය සමිති ඒකාබද්ධව මහා වැඩවර්ජනයකට එළඹෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි. 11 July 2021
තවත් ආසාදිතයන් 506ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 506 දෙනෙක් අද (11) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 11 July 2021
සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති. 11 July 2021
ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක් රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 11 July 2021
‘‘එන්නත් සම්පූර්ණ කළාම ඩිජිටල් කාඩ් පතක්‘‘ ශ්‍රී ලාංකික පුරවැසියකු ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සනාථ කෙරෙන ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ‘කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත’ හදුන්වා දෙමින් පළමු කාඩ්පත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් පුහුණුකරු කපිල ජීවන්ත මහතාට පිරිනැමීය. 11 July 2021
නිරෝධායන පනත වෙනස් කිරීමට යෝජනා ගලයි නිරෝධායන පනත වෙනස් කිරීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 11 July 2021
ලීටර් 18 ගෑස් සිලින්ඩර්වලට උපරිම මිලක් දෙන්න යයි ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි වෙළෙඳ අමාත්‍යාංශය අවධානය යොමු වී ඇත. 11 July 2021
ප්‍රදේශ කීපයකට තද සුළං තත්ත්වයක් දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං සහිත කාලගුණ තත්වය හෙට (12) දහවල තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 July 2021
‘‘මේ විදියට සල්ලි අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්න විල්බැරෝවකින් සල්ලි ගෙනියන්න වෙයි‘‘ ආර්ථිකය අර්බුදය වසා ගන්නට අසීමාන්තිකව මුදල් අච්චු ගැසුවොත් පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවකින් සල්ලි ගෙනියන්නට වන දවස වැඩි ඈතක නොවෙි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 11 July 2021
ඇමැතිගෙන් ලිට්රෝ සමාගමට දෝස් මුරයක් ලිට්රෝ ගෑස් සමාගම අත්තනෝමතිකව අඩු බර ගෘහස්ථ ගෑස් සිලින්ඩර අඛණ්ඩව වෙළෙඳපොලට නිකුත් කරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 11 July 2021
කළුතර පුතෙක් ලොකුම පව කර ගනියි මත් ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය කියයි. 11 July 2021
රැදවියන් තිදෙනකුගෙන් මුදල් ගත් බන්ධනාගාර නියාමකගේ වැඩ තහනම් රැඳවියන් තිදෙනකුගෙන් විද්‍යුත් ක්‍රමයට මුදල් ලබා ගත් බව කියන බෝගම්බර බන්ධනාගාරයේ නියාමකවරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 11 July 2021
කොවිඩ් මරණ 3,500 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 35 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 July 2021
15 හැවිරිදි දැරියට හදි කළ එස්.අයි සහ හිටපු බැංකු කළමනාකරු රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පිරයන්ත ලියනගේ මහතා අද (11) නියෝග කළේය. 11 July 2021
බුලත්සිංහල දරුවෝ ඔන්ලයින් දුක කියති බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පරගොඩ ගම් දෙකක දරුවන්ට ඔන්ලයින් හරහා අකුරු කරන්නට සංඥා නොමැතිකමින් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ඔවුන්ගේ මවුපියෝ කියති. 11 July 2021
ඩෙල්ටාව මට්ටු කරන්න සයිනොෆාම් සුපිරියිලු ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයට සයිනොපාම් එන්නතෙන් ඉහළ රැකවරණයක් සැලසෙන බව දේශීය පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ඖෂධ නිෂ්පාදන , සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 11 July 2021
‘‘මුතුරාජවෙලට අත නොතබණු‘‘ (ඩයනා උදයංගනී) මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පා බෝපිටිය, පමුණුගම සහ උස්වැටකෙයියාව ප්‍රදේශයන්හි පදිංචි ජනතාව අද (11) තම නිවෙස් ඉදිරිපිටට පැමිණ නිහඬ විරෝධතාවයක යෙදුණහ. 11 July 2021
‘‘උසස් පෙළ ගැන මැදහත් තීරණයක් ගන්නවා‘‘ උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව මත දෙකක් තිබීම නිසා තාක්ෂණික උපදෙස් අනුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. 11 July 2021
ඡන්ද නීති හදන්න මන්ත්රීවරියන්ගෙනුත් යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද ඡන්ද නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා විස්සක් පමණ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත . 11 July 2021
‘එකමුතුකම රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්න‘ රාජපක්ෂ සහෝදරයන්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. 11 July 2021
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026