(මනෝප්‍රිය ගුණසේකර)
පොලිස්පතිවරයා ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයා වන නිසා රාජ්‍ය ආරක්‍ෂක ඇමතිවරයා ලෙසම පොලිස්පතිවරයාද රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින්නේ යැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (29) පැවසීය.
ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයාට වුවත් උපදෙස් දීමට පොලිස්පතිවරයාට හැකියාව ඇතැයිද මට නියෝග ලැබුණේ නැතැයි කියා පොලිස්පතිවරයාට කීමට හැකියාව නැතැයිද වැඩිදුරටත් කීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්කි දෙමින් සී.ඩී. වික5මරත්න මහතා එසේ පැවසීය.
නීතීවිරෝධී නොකර හැරීම හේතූවෙන් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩු මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල එහුවේ විභාග කෙරේ.
අත්‍යවශ්‍ය අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ අනෙකුත් අංශ වල සාමාජිකයින් කැඳවා සාකච්ඡා කර තීරණ ගැනීමේ බලතල පොලිස්පතිවරයාට ඇති බවත් ජාතික ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්න වලදී රාජ්‍ය නායකයාට මෙන් පොලිස්පතිවරයාටත් විශාල වගකීමක් පැවරෙන බවත් වික්‍රමරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයා වැටුප් ලබන පුද්ගලයකු පමණක් නෙවන බවත් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජිතයකු වන ඔහු ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රභල අන්දමින් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් පොලිස්පති වික්‍රමරත්න මහතා රටේ විධායකය ගන්නා තීරණ භූමියේ ක්‍රියාත්මක කරන්නේ පොලිස්පතිවරයා බවද අවධාරණය කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු සීයයට සීයයක් සර්ව සම්පුර්ණ විය යුතු නැති බවත් බුද්ධි අංශයකින් ලැබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා වහාම ක්‍රියාත්මක විය යුතු බවත් පොලිස්පති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර කාලයේ රජයේ ආයතනවල තීන්දු තීරණ ගත්තේ රාජ්‍ය ආයතනවල සියලු දෙනා එක්වයි. නමුත් මේ වනවිට රජයේ සේවකයින් තමන්ගේ රාජකාරියට අදාල ලිපියක් ලැබුණාම ගොනුවේ අමුනලා අවශ්‍ය උපදෙස් සඳහා කියලා සටහනක් යොදා ( (අ.ක.ස.ඉ.ක ලෙසට යොදා ) තමන්ගෙ ප්‍රධානියා හෝ නියෝජ්‍ය ප්‍රධානියා වෙත යවනවා... ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරන විට දිගුකලක් ගත වෙනවා. පෙර කාලයේ එහෙම ලිපියක් ලැබුණාම ඉන් පෙර කළ ආකාරය සොයාගෙන ඒ අනුව අවශ්‍ය කටයුතු කර ලිපියක් යවනවා නම් එයත් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට යවනවා. මෙහිදී සංවාද තත්වයක් මත ගැටලු අවම වෙනවා. මෙහිදීත් ලැබුණු තොරතුරු ඉහළින්ම සැඟවීමක් සිදුවෙන්න ඇති කියලා පේනවා. එයින් පහළ නිලධාරින්ට තොරතුරු සැඟවීමේ විපාක පැහැදිලි වෙනවා.
විවේකයෙන් ඉන්නකොට කණ්නාඩියක් ඉදිරිපිට කියවන්න
හිටපු පොලිස්පතිවරයාට වෙන රාජකාරි තිබුනේ නැනේ.