(පැතුම් දර්ශන)

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ඡන්ද හතකින් අද පරාජයට පත්විය.

සභාපති චාරුක උදයංග විජෙරත්න මහතා (ඒ.ජා.ප)  හොරොව්පොතාන ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ අද දහවල් අයවැය කෙටුම්පත ඉදිරිපත් කළේය.

එහිදී අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද හයක් ද විපක්ෂව ජන්ද 13 ද ලැබුණි.

මන්ත්‍රී ආසන 20කින් සමන්විත හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වූ එජාපයට ආසන හයක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන හතරක් ද, පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන අටක් ද, මුස්ලිම් කොන්ග්‍රසයට සහ ස්වාන කණ්ඩායම එක් ආසනය බැගින් හිමික කරගෙන සිටියි.

එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ස්වාධින කණ්ඩායමේ සහායෙන් එහි පාලන බලය හිමිකරගෙන තිබුණි.

2022 වර්ෂය සඳහා සභාපති චාරුක උදයංග විජෙරත්න මහතා ඉදිරිපත් කළ අයවැයට විපක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන කණ්ඩායම සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව ඡන්ද ප්‍රකාශ කළේය.

එහිදි මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එස්.එම්.අලී මහතා ස්වාධීන විම විශෙෂත්වයකි.