
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (29) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ සිටිනවා නම් සහයෝග දියයුතු බව කී නීතිඥා සාගර කාරියවසම් මහතා විරුද්ධව කථා කරනවා නම් එය සන්ධානයක නොවිය යුතු දෙයක් බව ද සඳහන් කළේය.
මේ අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොරදියේ මාළු බානවා වගේ දෙයක් කරගෙන යන බවත් කාබනික පොහොර ව්‍යාපෘතිය සාර්ථක වුණා නම් සිරිසේන ජනාධිපතිතුමා මුලින්ම එළියට බැහැලා ඕක මුලින්ම පටන්ගත්තේ මම, මගේ කාළේ තමයි මූලික අඩිතාලම දැම්මේ ඒ නිසා ඕකෙ ගෞරවය එන්න ඕන මටයි කියන බවත් කාරියවසම් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින රජය පරාජය වීමේ ප්‍රධාන සාධකයක් වෙන්නේ මේ පුද්ගලයාම තමයි..
මහලේකම් තුමා ඔයාගේ ගෙදර යම්වැඩක් කරන කොට අඩුම ගානේ බිරිඳගෙන් වත් අහනවා ඇති නේද? උන්දැත් ළමයිනුත් එක් එක් උත්තර දෙනවා ඇති. එහෙම වුණාම බිරිඳයි, දරුවොයි එළවනවාද? නැත්නම් ඔවුන් කියන දෙයත් අහනවාද කියන්න. ගෙදරදී කරන දේ රටේත් නොකළොත් රටේ විනාශය වෙනවා.. ඔබතුමා චුට්ටක් මේ ගැන හිතන්න...
රජය ඇතුළේම ඉඳගෙන සියලු වරප්‍රසාද ලබා රජයම විවේචනය කිරීම මහා නින්දිත ක්‍රියාවක්. ශ්‍රිලනිපයට රජයෙන් ඉවත්ව තනියෙන් සිටගන්නට ශක්තියක් නැහැ.ඒ නිසා රජය බය කරගෙන වරප්‍රසාද ලබමින් රජයද විවේචනය කරමින් සුවසේ සිටීම මහා ලොකු වීරකමක් ලෙස තමයි සිතනවා ඇත්තේ.ඒත්,ඒවා නපුංසක වැඩ බව රටේ පක්ෂ විපක්ෂ ජනතාව හොඳින්ම දන්නවා. අඟේ ඉඳන් කන කනවා වගේ වැඩ නොකොට එළියට ඇවිත් කෙලින්ම රජයට එරෙහිව කටයුතු කරන්න අද ශ්‍රීලනිපයේ නායකයාට හා ගෝල බාලයන්ට කශේරුකාවක් නැහැ.මේ වගේ අය තමයි බොරු රඟපෑම් මවාගෙන ආයෙත් වරක් බලයට එන්න ඡන්දේ ඉල්ලන්නේ.ජනතාව අවධි බුද්ධියෙන් සිටීම වැදගත්.
රජයේ තීරණ කියන්නේ ඒක හොරෙක් ගන්න තීරණ නෙමෙයි. සාමූහික තීරණයි. හොරෙක් ගන්න තීරණ රජයේ තීරණ කියන්නේ මේ වගේ මන්ද බුද්ධික පොරවල් තමයි..!!!
මෙන්න මේ වගේ කෙලින් කතා කරලා පල නොකියා පලා බෙදද්දී ඉන්නේ ඇයි?
ඒ අය දාලා යන්නෙත් නැහැ. මෙයාලා එයාලව එලවන්නෙත් නැහැ, දෙගොල්ලොන්ම රඟපෑමක් කරන්නේ
මොලේ කළඳක්වත් නැද්ද අයියෝ...? ඔබතුමා කව්රු සතුටු කරන්නද ඔය කථා කියන්නේ...? බලයෙන් ඉදිමෙන්න එපා. ගෙදර යන්නවේ. අනුන්ගේ ලණු කන්න එපා. මෝඩවෙන්න එපා. වගකීමෙන් කථා කරන්න. තනතුරේ ගෞරවය රකින්න...
අනේ අම්මපා කවුද මේ හාදයා? ඉඳල ඉඳලා රාජ්‍ය නායකයා වගේ මාධ්‍ය නිවේදන නිකුත් කරනවා. වෙන මොකුත් වැඩක් නැතුවද? අනේ ජනපතිතුමනි, මේ හාදයාට ඔන්න මොකක් හරි ඇමතුමක්වත් දෙන්න.
ටිකක් නොවෙයි,හොදටම ගානට වැඩි කෙනෙක්
මෙයා වල්ගෙ තියාගෙන කූඤ්ඤය ගලවන්න හදන්නේ.. අපිට සතුටුයි දැන්...
එහෙම කියන්න එපා. පළමුව හිතා ගන්න මේ රටේ බුද්දිමත් ජනතාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. නැත්තෙත් නැති නිසා තමයි ජෙප්පෝ 3% වැටුනේ. රජය කරන හැම මගුලම හොඳයි කියන්න කාටවත් බැහැ. හැබැයි 'රජය විවේචනය කරනවානම් ප්‍රසිද්දියේ කරන්න එපා කියන්න. ගෙයි ගිනි පිටතට දෙන්න එපා කියන්න. එහෙම උනාම එහි වාසිය ගන්නේ විපක්ෂය.