
(යොහාන් භාසුර)
තිරිඟු පිටි (පාන්පිටි) කිලෝවක සිල්ලර මිල රුපියල් 130 ත් 135 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ඉල්ලුමෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ප්‍රීමා සමාගම පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ දමා ඇති බවත් ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ අනෙක් පාන්පිටි නිෂ්පාදන සමාගම වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ද පාන් පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ ද, ඉහළ දමා තිබේ.
මෙම ඉහළ දැමීමත් සමඟ පාන්පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් 20 කට අධික මුදලකින් ඉහළ දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට පාණ්ඩුවනේ. මොකුත්ම කරන්න පණ නෑ. පණ නැති මහල්ලන් රෑනක් ඉදිරියට දමා කොල්ලකරුවන් රෑනක් රට කොල්ල කනවා. තව බොහෝම ටික දුරයි. අරාබි වසන්තය ශ්‍රී ලාංකික වසන්තය වෙන්න...
එහෙමනම් බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගීයවන්න ඇමතිලාට තියන වගකීම් සහ රාජකාරීන් කුමක්ද? මේ ඇමතිලා දෙදනාගේන් රටට හෝ ජනතාවට යමක් වෙනවද? මහජන මුදලින් ඔවුන්ව තවදුරටත් නඩත්තු කරන්න ඕනද? අද ව්‍යාපාරිකයන්ට ඔවුන්ට ඕනේ විදියට මිල වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම මේ ආණ්ඩුව බලයට ගෙන්න රටේ දුප්පත් සහ මධ්‍යම පන්තියේ මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් ඡන්දය දුන්නා. නමුත් කනගාටුයි අද මේ ආණ්ඩුව වෙළඳ මාෆියාවට අවශ්‍ය විදියට වැඩ කරන්න අවසථාව දීලා තියන්නේ.
රවුම් ගාණක් වෙන්න 150 ම කරා නම් නේ්ද හොඳ...?