
(යොහාන් භාසුර)
අබුඩාබි නුවරදී ලබන 4 වැනිදා පැවැත්වෙන ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භ සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරාධනාවක් ලැබී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (29) පැවසීය.
මෙම ජත්‍යන්තර සම්මේලනයට රටවල් 47 ක නියෝජිතයන් සහභාගි වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා 4 වැනිදා සිය දේශනය පැවැත්වීමෙන් පසුව 5 වැනිදා එක්සත් අරාබි අමිරාටයේ රාජ්‍ය නායකයා වන අල් නායන් කුමරු සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බව ද සඳහන් කළේය.
‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න මෙම සම්මේලනයේ තේමාව බව ද විදේශ අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා හරිම ආසයි ඔය වගේ ඒවට යන්න... මඟ බලාගෙන ඉන්නේ...
මහාචාර්යතුමෝ, අමතක නොකර පසුගිය කාලේ නැව් කීපයක් අපේ මුහුදේ අනතුරු වලට ලක්වීම ගැන කියලා එහෙම වුණාම කළයුතු දේ ගැනත් සාකච්ඡා කරලා ඒ කුණු ගොඩවල් අපේ මුහුදු කලාපයෙන් ඉවත් කරන්න උපදෙස් ඉල්ලන්න කියලා ජනාධිපතිවරයා දැනුවත් කරන්න...