(රොමේෂ් ධනුෂ්ක සිල්වා )                                                   

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මහතාට  එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති සී. ඩි.වික්‍රමරත්න අද (29)  ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණියේය. 

නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉසීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේමෙම නඩුව  විභාගයට ගැනේ. 

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව විභාග කෙරේ .