(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටිමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දේවාල හංදිය විල්පොත පදිංචි 24 හැවිරිදි ගුණරත්න අබේසිංහ මුදියන්සේලලාගේ අංජලී රුවන්දිමා පියුමන්දී නැමති තරුණියක් බව කියයි.
තරුණිය තම එකම සොහොයුරා හා මව සමග ත්‍රි රෝද රථයෙන් නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක් නිමාකර නිවස කරා එමින් සිටියදී බව පොලිසිය පවසයි.
මෙම අනතුර නිවසට මද දුරක් තිබියදි දේවාල හංදිය ප්‍රදේශයේදි සිදුව ඇති බව කියයි.
මෙම ත්‍රී රෝද රිය මරණයට පත් තරුණියගේ සොහොයුරා පදවා ඇති අතර ඔහුට නින්ද යාමෙන් කොහොඹ ගසක ගැටි ඇති අතර එම අනතුරින් තරුණිය එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් ත්‍රී රෝද රථය පැදවු තරුණියගේ සොහොයුරා මා මව තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
මරණයට පත් තරුණියගේ පියා විදේශ රටක සේවය කරන බවත් නිවසේ සිට ඇත්තේ මෙම තරුණිය හා ඇගේ සොහොයුරා හා මව පමනක් බවද කියයි.
අනතුර සම්බන්ධව මුන්දල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂණ අසිත ලක්රුවන් මහතා සමග මුන්දලම පොලිසියෙ රථවාහන ස්ථානාධිපති පොලිස් සැරයන් 5990 කුමාරසිංහ, පොලිස් සැරයන් 19986 සම්පත්, පොලිස් කොස්තාපල් වරුන් වන 72576 මධුවන්ත,හා 73287 බංඩාර යන නිළධාරින් එක්ව තිබුනී.
තරුණියගේ මරණය සම්බන්ධ මරණ පරික්ෂණය හලාවත රෝහලේ සිදු විමට නියමිතව තිබුනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd