
(ටෝනි කරුණානායක)
ගම්පහ හෙන්ඩිමහර ප්‍රදේශයේ දී නිවසකට අයුතු ලෙස ඇතුළු වී එම නිවස තුළ සිටි එක් දරු මවක දූෂණයට ලක් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවෙකුට බරපතළ වැඩ ඇතිව වසර 23ක සිර දඩුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29 ) නියම කළේය.
එම සිර දඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55000 ක දඩයක් ද නියම විය . වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ 02 ක වන්දි මුදලක් ගෙවීමට ද නියම කෙරුණි . දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 02 ක සිර දඬුවමක් නියම විය .
නිවසකට අයුතු ඇතුළු වීමේ චෝදනාවට නියම වූ බරපතළ වැඩ ඇතිව වසර 08 ක සිර දඬුවම සහ ස්ත්‍රී දූෂණය යන චෝදනාවට නියම වු බරපතළ වැඩ ඇතිව වසර 15ක සිර දඬුවම වෙන් වෙන් වසයෙන් ගෙවී යා යුතු බවට නියම කළ මහාධිකරණය දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට නියම වූ මාස 06 බැගින් වූ සිර දඩුවමද වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවමද වෙන් වෙන් වශයෙන් ගෙවි යායුතු බවට නියම කෙරුණි .
ගම්පහ හෙන්ඩිමහර ප්රුදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ් . එස් .එම් සෙනරත් බණ්ඩාර රාජ වර්ධන නැමැති 56 හැවිරිදි තිදරු පියකු ට මෙසේ සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහොම තමයි ස්ත්‍රී දූෂකයින්ට දඬුවම් දෙන්න ඕනෑ. මාධ්‍ය මගින් මේවාට ලොකු ප්‍රචාරණයක් දෙන්න. එතකොටවත් සමාජය තරමක් හෝ යහමගට යාවි...
අධිකරණයට ජය වේවා !
අවාසනාවකට සමහර දුෂණ සහ හදි කිරීම් සම්බන්දව නඩු වල සිද්ධිය වෙනකොට පැමිණිලිකාරියගේ වයස අවුරුදු 10යි. නඩුව අහලා තීන්දුව දෙනකොට එයාට අවුරුදු 25යි. සමහර වෙලාවට කසාද බැදලා ළමයිනුත් ඉන්නවා. ලෙහෙසියෙන් ඔප්පු කල හැකි නඩු වල තීන්දුව දෙන්න අවුරුදු ගණනාවක් ගතවෙනවා කියන එක හරි විහිළුවක්.
අභියාචනාධිකරණයෙන් නිදහස් නොකළොත් ඇති. මෙතැනින් ඇතුළට යන අය, එතැනින් එළියට එන්නේ අත් දෙකම වනවන...