
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන හරි නම් සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙතෙක් රට පාලනය කළ ආකාරය ගැන කාට හෝ උද්දාමයෙන් කතා කළ හැකිදැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.
"ඩොලර් මිලියන තුන්දාස් හාරසීයක මුදලක් අද මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව ණය වී තිබෙනවා.අද අපට තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් බංකොළොත් වූ තෙල් සංස්ථාවක්. අප රටේ තෙල් ඒකාධිකාරිය තෙල් සංස්ථාව තිබිය යුතුයි.අප රටේ ජාතික ආරක්ෂාව ඒ මත රඳා සිටිනවා.දේශීයත්වය තවරාගත් මේ මහත්තුරු රාජ්‍ය තෙල් ඒකාධිකාරිය බිඳීම සඳහා දැන් කටයුතු කරමින් සිටිනවා"යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ මචං. නුඹලා යමක් කිව්වොත් 95% ක් ඒක දකින්නේ වැරදි කතාවක් විදිහටමයි. එහෙමයි ජන මනස හදලා තියෙන්නේ...
බදා වැළඳගෙන හඬපුවාම හරිද? කිරි පැණියෙන් පිරෙනවද? රටේ පාලන බලය හම්බ නොවුණාට දේශපාලනයට ඔහෙලත් අයිතියි.
ඒයි ආනා, වැදගත් මිනිස්සුන්ට සීලාචාරව කථා කරන්න ඉගෙන ගන්න.
71 සහ 88-89 කාලවල කරපු පොදුදේපළ විනාශ කිරීම් මතක් වුණා.
තෙල් සංස්ථාව ණය වී බංකොළොත් බවට පත්වී ඇත්තේ රටේ පාඩුවට දුවන අනිකුත් "රජයේ ආයතන" වලට ඉන්ධන සැපයීමෙනි. මේවා පුද්ගලික අංශයෙන් පාලනය වූවා නම්, අද මේ තත්වයට පත්වන්නේ නැහැ. හොඳම උදාහරණය නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අද පත්වී ඇති ඉරණමයි...
කොහෙන් හිනා වෙන්නද මන්දා