(යොහාන් භාසුර)

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වරායේ හිරවී තිබෙන අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ කන්ටේනර් 1000 කට අධික ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නය ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ගනු බලන සාමුහිකව තීන්දු තීරණ මත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ගැටළු කඩිනමින් නිරාකරණය කරදීමට අවශ්‍ය පියවර ගන්නා බව කී අමාත්‍යවරයා පාරිභෝගිකයාට හිඟයකින් තොරව භාණ්ඩ ලබා දීමට තවදුරටත් කටයුතු සලසන බව ද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර වෙළෙඳ අමාත්‍යාංශයේදී අද (29) සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක, ලංකා සතොස සභාපති රියරි අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී. රූබසිංහ යන මහත්වරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ පිරිසක් සහභාගී වූහ.