‘‘කොළඹ කොටුවේ අක්කර දෙසීයක් විකුණන්න යනවා‘‘ වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා චෝදනා කරයි 30 May 2021
‘‘මොරටුවේ එන්නත් සිද්ධියේ දි ජනපති ගත් තීරණය අගය කරනවා‘‘ මොරටුව නගරාධිපතිවරයා එන්නත්කරණ වැඩසටහනේදි හැසිරුණු ආකාරය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා කටයුතු කළ ධනාත්මක ආකාරය අගය කරන බවත් ඔහු රටේ අනෙකුත් ප්‍රබල ප්‍රශ්නවලදීත් හොඳ විනිසුරුවරයකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පැවැසූහ. 30 May 2021
රට වැහුවාට විශේෂඥ වෛද්‍යවරු ප්‍රසාදය පළ කරති සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ රජය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටපුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණය ඉතා අගය කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 30 May 2021
ඇඹිලිපිටියේ ගොවීහු කෙසෙල් කිලෝ 16ක් දී පතෝල කිලෝවක් ගනිති ඇඹිලිපිටිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පතෝල කිලොවක් මිලදී ගැනීමට ඇඹුල් කෙසෙල් කිලෝ දාසයක් විකුණන්නට සිදුවු බව කෙසෙල් ගොවීහු පවසති. 30 May 2021
’’මුක්කුරු වාසීන්ගේ’’ යැයි සැළකෙන සොහොන් 200 පොළොන්නරුවෙන් පොළොන්නරුව මාදුරුඔය මහ වනාන්තරයකින් මුක්කුරු වාසීන්ගේ යැයි සැළකෙන සොහොන් දෙසීයකින් යුත් ඉපැරණි සුසානභූමියක් පළාතේ ගොවීන් කිහිපදෙනකුට හමුවී ඇතැයි කියති. 30 May 2021
පුත්තලමේ හිමිනමක් හිටි හැටියේ අපවත් වෙති පුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමි ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි. 30 May 2021
ඛනිජ කැණීම,ප්‍රවාහනය, වෙළඳාම සඳහා බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මගින් ඛනිජ කැණීම,ප්‍රවාහනය හා වෙළඳාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ජූනි 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි එම කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා මහතා පැවසීය. 30 May 2021
පාර්ලිමේන්තු පොකුර හැදුවේ කතානායකයැයි චෝදනාවක් පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර හැදුවේ කතානායක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි . 30 May 2021
පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා ව්‍යාපාරික පියාගේ අවසන් කටයුතු සිදු කර පැය කිහිපයකින් පුතා ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් හා කොරෝනා ආසාධිතයන් බව අනාවරණයවීම හේතුවෙන් අවමගුල පැවති මල් ශාලාවේ හය දෙනෙක් එම මල්ශාලා පරිශ්‍රයේම නිරෝධායනට ලක් කිරීමට මීරිගම සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුහ. 30 May 2021
යාපනය සරසවියේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොරෝනාවෙන් මරුට යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කළ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක කොවිඩ් 19 වෛරසය ආසාදනයවී යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව යාපනය සෞඛ්‍ය අංශ පවසයි. 30 May 2021
යාළුවාගේ ගිනි අවිය ඉස්සූ එස්.ටී.එෆ් සෙබළා සැකපිට අල්ලයි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරියේ සිටියදී වෙනත් නිලධාරියකුගේ ටී56 ගිනිඅවිය සොරකම් කළේ යැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 30 May 2021
2022 වසරේ පළමු ශ්‍රේණියට අයැදුම්පත් කැඳවයි 2022 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් ජූනි 30ට පෙර පාසල්වලට ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 30 May 2021
යාපනයේ මත්පැන්හල්වලට මුද්‍රා තබයි යාපනයේ මත්පැන්හල් නැවත දැනුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. 30 May 2021
නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගන්න යයි පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සහ එමගින් සිදු වු පරිසර හානිය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ කපිතාන්වරයා ඇතුළු 25 දෙනෙකුගෙන් හෙට දිනයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 30 May 2021
කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද පෙරවරුවේ අපවත් වූහ. 30 May 2021
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. 30 May 2021
කොවිඩ් මරණ 1400 ඉක්මවයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 42 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) තහවුරු කළේය. 30 May 2021
නිරෝධායන නීති කැඩූ 914ක් අත් අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 914 ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 May 2021
වැසි වාර කීපයක් අදත් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දින වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2021
සහන මලු සැකසෙන අයුරු බලන්න වෙළෙද ඇමැති යයි කොරෝනා වයිරසයයෙන් නිරෝධායන පවුල්, අඩු ආදයම්ලාභී පිරිස් මෙන්ම ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට බෙදා දීමට නියමිත රුපියල් 5000 සහනමලු සැකසෙන රත්මලාන මෙගා සතොස ආයතනයේ නීරික්ෂණ චාරිකාවකට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය. 30 May 2021
‘‘නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළතීර සහ ස්ථාන තහනම් කරන්න‘‘ ගිනිගත් “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගත යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 29 May 2021
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් සතියකින් අත්හිටුවයි බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය තවත් සතියකින් දීර්ඝ කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී කාන්ති විජේතුංග මහත්මිය සඳහන් කරන්නීය. 29 May 2021
පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මියගිය බව සෞඛ්‍ය අංශ කියයි. 29 May 2021
කොරෝනා ආසාදිතයන් 2039ක් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 2039 දෙනකු අද දින හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පවසයි. 29 May 2021
ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වා දුන්නේය. 29 May 2021
කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 29 May 2021
‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 29 May 2021
‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය. 29 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වි කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 29 May 2021
පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක් බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි . 29 May 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026