(අංජුල මහික වීරරත්න)

ආර්ථික හා සමාජමය වශයෙන් ජනතාව පීඩාවට පත් කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමට නම් විපක්ෂයේ සියළු කණ්ඩායම් එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සදහන් කළේය.

විපක්ෂයේ කණ්ඩායම් බෙදී සිටිම ආණ්ඩුවට වාසියක් වුවත් ජනතාවට අවාසියක් බව කී විජයවර්ධන මහතා ජනතාව ගැන සිතන්නේ නම් විපක්ෂය කළ යුත්තේ බෙදී වෙන්වී සිටීම නොව ජනතාව වෙනුවෙන් එකම වේදිකාවකට පැමිණීම යැයිද  පෙන්වා දුන්නේය.

අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.

දෙහිඅත්තකණ්ඩිය, අඩ්ඩාලච්චේන හා සමන්තුරේ යන ප්‍රදේශ කේන්ද්‍රගත කරගනිමින් මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන් පැවැ