(එච් . චන්දන)

වැසි ජලය නිසි ලෙස ගලා නොයාමෙන් අපදාවට ලක්වී ඇති පවුල්වලට  සෙත සලසා දීමේ අරමුණින් පුත්තලම අනුරාධපුර පැරණි ප්‍රධාන මාර්ගය කපා ජලය බැස්සවීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ. ජී විජේසිරි මහතා පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 30 සවස රැස්වු දිස්ත්‍රික් අපදා කළමණාකාර කමිටු විශේෂ සාකච්ජාවකින් පසුව මෙම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

කඩුමයාකුලම් , නූර්නගර් , කඩයාකුලම් , සවිපුරම්, මනගුණ්ඩු , සෙම්මන්දළුව යන ප්‍රදේශවල පවුල් 1000 වැඩි ප්‍රමාණයක්  දින ගණනාවක් , ජලයෙන් යටවී ඇති බවට ඔවුන්ට කඩිනමින් සහනයක් සලසන ලෙස පිරිසක් 30 දහවල් පුත්තලම පරණ අනුරාධපුර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයකද නිතර විය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ නියෝගය අනුව මීට සුළු වේලාවකට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය , පුත්තලම නගර සභාව , ජල සම්පත් මණ්ඩලය , ප්‍රදේශවාසීන් එක්ව මෙම මාර්ගයේ එළුවන්කුලම රේල් පාර අසලින් මාර්ගය කඩා ජලය බැසිවීමට කටයතුවල ආරම්භ කළේය.ෙ

මේ අනුව පුත්තලම නගරය හරහා අනුරාධපුර යන රථ වාහන හා අනුරාධපුර සිට පුත්තලම හලාවත දෙසට යන වාහන වලට විකල්ප මාර්ගයක් ලෙස කුරුණෑගල මාර්ගයේ ගොස් අලුත් අනුරාධපුර මාර්ගය භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.