(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහින්ද සමරසිංහ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩුවූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කෙරුණු  හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා    කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඔහු කතානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ   උණුසුම් සුභ පැතුම් මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක අසුන් ගත්තේය.

සමරසිංහ මහතා  ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීමට  යෑම සඳහා එම  මන්ත්‍රී ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය .